
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී සිදුකළ වරදකට අදාළව ඩිල්ෂාන් මධුශංකට තරග මුදලින් සියයට 10ක දඩයක් පනවා දඬුවම් ලකුණක් ලබා දී තිබේ.
ඒ ජුලි 14 වැනිදා පැවති දඹුල්ල සික්සර්ස් සහ ගාලු මාර්වල්ස් අතර තරගයේ දී සිදුකළ ක්‍රියාවකට අදාළවය.
දැවී යෑමකින් පසු පිතිකරුවකුට අපහාස කරන හෝ ආක්‍රමණශීලී ප්‍රතිචාරයක් ඇති කරවන වචන, ක්‍රියා හෝ අභිනයන් භාවිත කිරීම සම්බන්ධයෙන් පිටියේ විනිසුරුවන් විසින් ඔහුට එරෙහිව වාර්තා කර ඇත.
එය ලංකා ප්‍රිමියර් ලීග් චර්යාධර්ම සංග්‍රහයේ 2.5 වගන්තිය යටතට ගැනෙන පළමු මට්ටමේ වරදකි.
ඒ සම්බන්ධයෙන් පැවති පරීක්ෂණයේදී ඩිල්ෂාන් මධුශංක වරද පිළිගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart