June 15, 2023

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ(LPL) ක්‍රිඩක වෙන්දේසිය ඊයේ(15) පස්වරුවේ පැවැත්වුණු අතර එහිදී වැඩිම මුදලකට අලෙවි ක්‍රීඩකයා වූයේ ඩිල්ශාන් මධුශංක යි.

ඔහු අමෙරිකානු ඩොලර් 92000කට යාපනය කණ්ඩායම මිලදි ගත්තේය. එය ශ්‍රී ලංකා මුදලින් කෝටි 03කට ආසන්න වෙයි.

චරිත් අසලංකද මිලදි ගැනිමට කොළඹ,දඹුල්ල සහ යාපනය කණ්ඩායම් අතර තියුණු සටනක් පැවැති අතර අවසානයේ ඩොලර් 80,000කට යාපනය ඔහුව මිලදි ගනු ලැබුවේය. ශ්‍රී ලංකා මුදලින් එය කෝටි දෙකහමාරක් වෙයි.

බිනුර ප්‍රනාන්දු ඩොලර් 76000කටත්, දිනේෂ් චන්දිමාල් ඩොලර් 72000කටත් දඹුල්ල සහ මහනුවර කණ්ඩායම් මිලදි ගනු ලැබීය.

කොළඹදි පැවැති වෙන්දේසියට දේශීය ක්‍රීඩකයෝ 254ක් සහ විදේශිය ක්‍රීඩකයෝ 156ක් ඇතුලත්ව සිටියහ.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේදී පළමුවෙන්ම වෙන්දේසි වූ ක්‍රීඩකයා වූයේ ධනංජය ද සිල්වාය.

දඹුල්ල කණ්ඩායම ඔහුව මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් 76,000කටයි.

කෙසේ වෙතත්,ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ,ප්‍රභාත් ජයසුරිය,සිකන්දර් රාසා, කාලොස් බ්‍රාත්වයිට්, ඉමාඩ් වසීමි , මුෂ්පිකර් රහීම්,ඉම්රාන් තාහීර්, තමීම් ඉක්බාල් වෙන්දේසියේදි අලෙවි නොවුයේය.

මෙම වෙන්දේසිය සඳහා සියලුම කණ්ඩායම් වැයකිරීමට සැලසුම් කර තිබූ මුදල ඩොලර් ලක්ෂ 25කි.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට තරගවදින කණ්ඩායම් 05 සදහා වෙන්දිසියේදි අලෙවි වූ ක්‍රීඩකයන් සහ ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින් මෙසේය.

යාපනය කණ්ඩායම – ගිවිසුම් ගතව සිටි ක්‍රිඩකයන් (තිසර⁣ පෙ⁣රේරා – නායක, මහීෂ් තීක්ෂණ,ඩේවිඩි මිලර්, රමහනුල්හා ගුර්බාස්)

වෙන්දේසි වූ ක්‍රීඩකයන් – චරිත් අසලංක,ෂොයිබ් මලික්,දුනිත් වෙල්ලාලගේ,නිශාන් මධුෂ්ක,අසංක මනොජ්,තිශාන් විදුශාන් , විජයකාන්ත් වියස්කාන්ත්,පැතුම් කුමාර,අසිත ප්‍රනාන්දු,හාර්ඩස් විලෝන්,නුවන් තුෂාර,දිල්ශාන් මධුශංක,සමාන් ඛාන්,අසේල ගුණරත්න,ක්‍රිස් ලින්,රත්නරාජා තෙනුරාදන්,අශාන් රන්දික

කොළඹ කණ්ඩායම –  ගිවිසුම්ගත ක්‍රිඩකයන් (බාබර් අසාම් – නායක , මතීෂ පතිරණ,නසිම් ෂා,චාමික කරුණාරත්න)

වෙන්දේසි වූ ක්‍රීඩකයන් – පැතුම් නිස්සංක,ධනංජය ලක්ෂාන්,ඇන්ජලෝ පෙරේරා,ජෙෆ්රි වැන්ඩර්සේ,අයර්ලන්ත ක්‍රීඩක ලෝර්කන් ටකර්,මොහොමඩ් හැරිස්,ඉෆ්තිකාර් අහමඩ්,නුවනිඳු ප්‍රනාන්දු,ශෂික දුල්ශාන්,ඉශාන් මාලිංග,ළහිරු උදාර,මොවින් සුබසිංහ,නිපුන් ධනංජය,ලක්ෂාන් සඳකැන්,පාකිස්ථානයේ වහබ් රියාස්,නිරෝෂන් දික්වැල්ල,කවිෂ්ක අංජුල,රමේෂ් මෙන්ඩිස්,මොහොමඩ් නවාස්,යශෝධ ලංකා,අහන් වික්‍රමසිංහ

දඹුල්ල කණ්ඩායම – ගිවිසුම්ගත ක්‍රීඩක ක්‍රීඩිකයන් (කුසල් මෙන්ඩිස් – නායක,මැතිව් වේඩ්,ලුන්ගි නිගිඩි,අවිශ්ක ප්‍රනාන්දු)

වෙන්දේසි වූ ක්‍රීඩකයන් – ධනංජය ද සිල්වා,දුශාන් හේමන්ත,ජනිත් ලියනගේ,සචිත ජයතිලක,නූර් අහමඩ්, බිනුර ප්‍රනාන්දු , සධීර සමරවික්‍රම,හේඩ්න් කර්,කුසල් ජනිත් පෙරේරා,ශානාවාස් ධාහ්නි,ලක්ෂාන් ඉදිරිසිංහ,ජෙහාන් ඩැනියෙල්,මනේල්ක ද සිල්වා,ට්‍රේවීන් මැතිව්,ඇලෙක්ස් රොස්,රවිඳු ප්‍රනාන්දු,කවිඳු පතිරණ,මනුජ සහන්,ප්‍රවීන් ජයවික්‍රම

මහනුවර කණ්ඩායම – ගිවිසුම්ගත ක්‍රීඩකයන් (ඇන්⁣ජලෝ මැතිව්ස් –  නායක, වනිදු හසරංග,පකාර් සමාන්,මුජීබ් උර් රහාමාන්)

වෙන්දේසි වූ ක්‍රීඩකයන් – කමිදු මෙන්ඩිස් ,අසීෆ් අලී,නවෝද් පරණවිතාන,අශේන් බණ්ඩාර,සහන් ආරච්චිගේ,දුෂ්මන්ත චමීර,පාකිස්තාන ක්‍රීඩක මොහොමඩ් හස්නේන්,දිනේෂ් චන්දිමාල්,ඉසුරු උදාන,නුවන් ප්‍රදීප්,චතුරංග ද සිල්වා,ලහිරු මධුශංක,අමීර් ජමාල්,මල්ෂ තරුපති,අවිශ්ක තරිඳු,ලසිත් අබේරත්න,තනුක දාබරේ

ගාල්ල කණ්ඩායම –   ගිවිසුම්ගත ක්‍රීඩකයන් (දසුන් ශානක –  නායක,භානුක රාජපක්ෂ,සකීබ් අල්හසන්,තබ්රිස් ෂම්සි)

වෙන්දේසි වූ ක්‍රීඩකයන් – සීක්කුගේ ප්‍රසන්න,මොහොමඩ් ශිරාස්,ශෙවෝන් ඩැනියෙල්,පසිඳු බණ්ඩාර,මිනෝද් භානුක, මොහොමඩ් මිතුන්, බෙන් කටිං,අශාන් ප්‍රියන්ජන,සොහාන් ද ලිවේරා,ලසිත් කෲස්පුල්ලේ,ළහිරු කුමාර,ළහිරු සමරකෝන්,කසුන් රාජිත,අකිල ධනංජය,චැඩ් බව්ස්,ටිම් සයිෆට්,විශ්ව ප්‍රනාන්දු,අනුක් ප්‍රනාන්දු,අවිශ්ක පෙරේරා,සොනාල් දීනූෂ