
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නිධන් හෑරීමේ චෝදනාවක් මත කොළඹ ප්‍රදේශයේ සේවය කරන නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ බිරිඳක් ඇතුළු පුද්ගලයන් අට දෙනෙකු අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තිබිරිකඩවල, ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ විහාරස්ථානයක් අසල ඉඩමක පිහිටි ගල් ගුහාවක නිධන් හෑරීමේ චෝදනාව මත ඔවුන් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරුවන් බදුල්ල, මාලිගාතැන්න, පදවි-ශ්‍රීපුර, ගිරාදුරුකෝට්ටේ, වරකාපොල සහ අනුරාධපුර යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 35ත් 58ත් අතර පසුවන්නන් බව පොලිසිය කියයි.
තිබිරිකඩවල, ශ්‍රාවස්තිපුර රත්තරංග දේවාලය අසල ඉඩමක නිධන් හෑරීමක් සිදුවන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් කාන්තාව කොළඹ ප්‍රදේශයේ සේවය කරන නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ බිරිඳක් ලෙස හඳුනාගෙන තිබේ.
කැණීම් සඳහා භාවිත කරන ලද මෙවලම් කිහිපයක්, උළු සහ යකඩ පොලු ඇතුළු උපකරණ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරුවන් ඊයේ (14) අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර, මේ මස 26 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart