
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඩිජිටල් ගෙවීම් ආශ්‍රිත වංචාවල භයානක වැඩිවීමක් පසුගිය වසර 5 තුළ ඉන්දියාවේ ද දක්නට ලැබෙන බව එරට මහ බැංකුව පවසයි.
මෙම මස මුලදී නිකුත් කරන ලද සාකච්ඡා පත්‍රිකාවක, මහ බැංකුව පැවසුවේ ගැටලුව විසඳීම සඳහා පියවර කිහිපයක් සලකා බලමින් සිටින බවයි.
එවැනි වංචා හේතුවෙන් 2025 දී මිලියන 2.5කට ආසන්න ජනතාවකට ඩොලර් බිලියන 25ක් පමණ අහිමි වී ඇති බව ඉන්දීය මහ බැංකුව සඳහන් කරයි.
එය 2021 සිට 4,300%ක පමණ අතිශය වැඩිවීමකි.
එවැනි සිදුවීම්වල ශීඝ්‍ර වැඩිවීම හේතුවෙන් අවසානයේ ඉන්දියාවේ මහ බැංකුව වන ඉන්දියානු සංචිත බැංකුවට (RBI) මේ සඳහා මැදිහත් වීමට සිදු වී තිබේ.
මෙවැනි එක් සිදුවීමකට උදාහරණයක් වන්නේ පෙබරවාරි මාසයේදී, බටහිර ඉන්දියාවේ පූනේ නගරයේ පදිංචි ව්‍යාපාර විශ්ලේෂකයකුට කඩිනම් දඩයක් ලෙස රුපියල් 1,000ක් ගෙවන ලෙස ඉල්ලා ලැබී තිබුණු කෙටි පණිවිඩයකි.
ඔහුගේ රියදුරු බලපත්‍රය අත්හිටුවීම වළක්වා ගැනීම සඳහා මුදල කඩිනමින් පියවන ලෙස පණිවිඩයෙන් ඉල්ලා සිටි අතර, ගෙවීමට ඒ සඳහා එවා ඇති සබැඳිය වහාම ක්ලික් කරන ලෙස බල කෙරී තිබේ.
ගෙවීම සම්පූර්ණ කිරීම සඳහා OTP (එක් වරක් මුරපදය) බෙදා ගන්නා ලෙස ඔහුගෙන් ඉල්ලා සිට ඇති අතර මිනිත්තු කිහිපයකට පසු, ඔහුගේ ක්‍රෙඩිට් කාඩ්පතින් උපරිම ගනුදෙනු සීමාව වන ඩොලර් 3,225ක් වංචාකරුවන් අය කර ගෙන තිබේ.
වංචාකරුවන් නිල වෙබ් අඩවි අනුකරණය කරමින් ව්‍යාජ පණිවිඩ යවා පුද්ගලයන් තතුබෑම් සබැඳි වෙත යොමු කර ඔවුන්ගේ බැංකු ගිණුම් විස්තර ලබා ගැනීම ඉන්දියාවේ පොදු වංචාවක් බවට පත්ව ඇතැයි එරට මහ බැංකුව සඳහන් කරයි.
මෙහිදී වංචාකරුවන් තම වින්දිතයන් උපක්‍රම යොදා මානසිකව බිය ගන්වා සහ හදිසිභාවය ඇති කරමින් රවටා ගනී.
මේ නිසා ඉන්දීය මහ බැංකුව එවැනි දේ වළක්වා ගැනීම සඳහා පියවර ගණනාවක් හඳුන්වා දී ඇත.
ගිණුමෙන් ගිණුමට කරන ගනුදෙනුවලදී පැයක ප්‍රමාදයක් පවත්වා ගැනීම සහ වැඩිහිටි පුද්ගලයන් වැනි සමාජයේ අවදානමට ලක්විය හැකි කොටස් විසින් ඉහළ වටිනාකමක් ඇති ඩිජිටල් ගෙවීම් කිරීමේ දී ‘විශ්වාසවන්ත පුද්ගලයකු’ විසින් අතිරේක සත්‍යාපනයක් සිදු කිරීම වැනි පියවර මෙයට ඇතුළත් වේ.
කෙසේවෙතත් ප්‍රමුඛ නියාමන තාක්ෂණ සමාගමක් වන IDfy හි රිජු රේ පවසන්නේ ගෙවීම් ජාලයට සම්බන්ධ බොහෝ පාර්ශවයන් සිටින නිසා ප්‍රමාදයක් ක්‍රියාත්මක කිරීම පහසු නොවනු ඇති බවයි.
දැනට පවතින ශිල්පීය ක්‍රම වෙනස් නොකර එය කිරීමට සරල ක්‍රමයක් නොමැති බව ද ඔහු පවසයි.
ඉන්දීය මහ බැංකු සාකච්ඡා පත්‍රිකාව මගින් ද එය පිළිගෙන ඇත.
එපමණක් නොව, මහ බැංකුව පිළිගන්නේ, එය ‘ඩිජිටල් ගෙවීම්වල ක්ෂණිකභාවය පිළිබඳ මූලික සැලසුම් මූලධර්මයට පටහැනි’ වනු ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart