
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්රයේ අනාගතය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා පොඩ්කාස්ටර්වරුන්ගේ සංගමය සංවිධානය කළ විශේෂ හමුවක් අගෝස්තු 20 වැනිදා කොළඹ ග්‍රෑන්බෙල් හෝටලයේදී පැවැත්විණි.
මේ සඳහා දිවයිනේ ප්රමුඛ පෙළේ පොඩ්කාස්ටර්වරුන්, ඩිජිටල් අන්තර්ගත නිර්මාණකරුවන් සහ මාධ්‍යවේදීන් 100කට අධික පිරිසක් එක්ව සිටියහ.
‘ශ්‍රී ලංකාවේ විකාශනය වන මාධ්‍ය ක්ෂේත්රය හමුවේ අභියෝග, අවස්ථා සහ තිරසාර නිර්මාණකරුවන්ගේ වර්ධනය’ යන්න මෙවර වැඩමුළුවේ ප්‍රධාන තේමාව විය.
මෙහිදී අදහස් දැක්වූ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න සඳහන් කළේ ශීඝ්‍රයෙන් වර්ධනය වන ඩිජිටල් නිර්මාණකරණ ආර්ථිකයට ශක්තියක් වෙමින් ඩිජිටල් මාධ්‍යවේදීන් උදෙසා තිරසාර වෘත්තීය පසුබිමක් සකස් කිරීමට රජය බැඳී සිටින බවයි.
ඩිජිටල් මාධ්‍ය මගින් පුරවැසි සහභාගීත්වය ඉහළ නැංවීමට ලැබෙන පිටිවහල පෙන්වා දුන් සංගමයේ සභාපතිනී නාමිනී පණ්ඩිත, ස්වාධීන නිර්මාණකරුවන් සහ සාම්ප්‍රදායික මාධ්‍ය අතර ශක්තිමත් සහයෝගීතාවක ඇති වැදගත්කම අවධාරණය කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart