
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වසර 2030 වන විට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මිලියනයකට වැඩි සංඛ්‍යාවක් ඩිජිටල්කරණයට යොමුකරමින් මෙරට දළ දේශීය නිෂ්පාදිතයට ඇමරිකානු ඩොලර් බිලියන 15ක් උපයාදීම අරමුණු කර ගනිමින් ඉදිරිපත් කර ඇති “ඩිජිටල් ශ්‍රී ලංකාවක් සඳහා වූ 2030 උපාය මාර්ගික ක්‍රියාවලිය” වෙනුවෙන් ලෝක බැංකුවේ අඛණ්ඩ තාක්ෂණික සහාය හිමි වී තිබේ.
ඒ අනුව මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශය සවිබල ගැන්වීමේ මුලපිරීමක් ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය DigiGo සන්නාමය යටතේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ඩිජිටල් ප්ලේබුක් (Digital Playbook) එළිදැක්වීම තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී සිදුවිය.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ලබාගත හැකි සහ දැරිය හැකි දේශීය ඩිජිටල් සේවාවන් සඳහා යොමුකිරීම අරමුණු කරගනිමින් කර්මාන්ත සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ සහ තාක්ෂණ අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ LK Domain Registry ආයතනය සමඟ එක්ව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ ඩිජිටල් සේවා අංශය මගින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලබයි.
කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් (SMEs) ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ප්රමුඛ සාධකයක් වන අතර මෙරට ආර්ථිකයට 52% ක් පමණ දායකත්වයක් සපයනු ලබයි. මෙරට ව්‍යාපාරික අංශයේ 75% කට වඩා වැඩි ප්‍රමාණයක් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වන අතර ඉන් අපනයන ක්ෂේත්රයේ 20%ක දායකත්වයක් ලබාදෙයි.
නවීන තාක්ෂණය සහ ව්‍යාපාර සම්බන්ධ කරමින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය නංවාලීමට DigiGo වැඩසටහන මගින් අපේක්ෂා කෙරේ.
කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර ඩිජිටල්කරණයට උපකාර කිරීම අරමුණු කරගත් පළමු DigiGo වැඩසටහන කර්මාන්ත හා වැවිලි කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ සහ තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත්ගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 20 වැනිදා ගාල්ලේදී පැවැත්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart