
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බුදුදහමට අගෞරව වන අයුරින් ප්‍රකාශ කළ බව කියන, කොළඹදී පැවති නතාෂා එදිරිසූරියගේ හාස්‍යෝත්පාදක සංදර්ශනයට සහභාගී වූ පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.
එහි පැමිණ සිටි කිහිපදෙනෙකුගෙන්ද පොලිසිය ප්‍රකාශ සටහන් කර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක පසුගියදා පැවැති ප්‍රහසන සංදර්ශනයක් අතරතුර නතාෂා එදිරිසූරිය බෞද්ධ දර්ශනයට සහ සංස්කෘතියට මෙන්ම ක්‍රිස්තියානි ධර්මයටද අගෞරවනීය ප්‍රකාශ කළ බවට ලැබුණු පැමිණිලි කිහිපයක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මෙම වැඩසටහනේ වීඩියෝව පසුගිය සතියේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත වූ අතර ඇයගේ ප්‍රකාශයට විරෝධයක් එල්ල විය.
පසුව අන්තර්ජාලයේ වීඩියෝවක් ඔස්සේ සැකකාරිය ඇය කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියා. අදාළ වීඩියෝව සමාජ මාධ්‍ය වේදිකාවෙන් ද ඉවත් කර ඇත.
නතාෂා එදිරිසූරිය සිංගප්පූරුව බලා පිටත්ව යාමට උත්සාහ කරමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළේදී රහස් පොලිසිය විසින් ඉරිදා අත්අඩංගුවට ගනු ලැබීය.
පසුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඇය ජුනි මස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart