
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දුම්රිය ටිකට්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් මෑතකදී සිදු කළ වෙනස්කම්වලින් පසු මාර්ගගත ටිකට්පත් අලෙවිය පහත වැටුණු බවට එල්ල වන චෝදනා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් පද්මප්‍රිය කියා සිටියේ කළු කඩ ක්‍රියාකාරකම් මර්දනය කිරීම නිසා පීඩාවට පත් පාර්ශ්වයන් විසින් එවැනි ප්‍රචාරයන් සිදුකරන බවයි.
“කළු කඩ මාෆියාව තුරන් කරන නව වෙනස්කම් ක්‍රියාත්මක කිරීමෙන් පසු, ශ්‍රී ලංකා දුම්රිය ප්‍රමාණවත් ටිකට්පත් අලෙවි නොකරන බවට ප්‍රකාශ එල්ල වී තිබෙනවා. මම එය නිශ්චිතවම ප්‍රතික්ෂේප කරන්න කැමතියි,” යනුවෙන් ඔහු පැවසීය.
අගෝස්තු මැද භාගයේ සිදුකළ වෙනස්කම්වලට අනුව මාර්ගගත ටිකට්පත් සඳහා බහුල ඉල්ලුමක් ඇති බව සාමාන්‍යාධිකාරීවරයා අවධාරණය කළේය.
“අලෙවිය අඩුවීම සහ වෙනත් දේවල් පිළිබඳ මේ වගේ කටකතා නව වෙනස්කම්වලින් බලපෑමට ලක් වූ අය විසින් දිගටම කරගෙන යයි,” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.
ප්‍රවේශපත්‍ර ක්‍රමය අවභාවිත කිරීම වැළැක්වීම සඳහා විශේෂයෙන් ක්‍රියාත්මක කරන ලද ක්‍රමයට අනුව ආසන වෙන් කිරීමේ දී ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය අනිවාර්ය අවශ්‍යතාවක් බවට වෙනස් කෙරිණි.
මෙම පියවර පිටුපස ඇති තාර්කිකත්වය පැහැදිලි කරමින් ඔහු පැවසුවේ “අතීතයේ දී, බොහෝ ගැටළු මතු වුණා, පුද්ගලයන් පද්ධතියට වංචා කරමින්, සමූහ වෙන් කිරීම් සිදු කරමින් සහ කළු කඩ විදිහට ටිකට්පත් අලෙවි කරන බව ප්‍රකාශ වුණා.”යනුවෙනි.
නීති විරෝධී ටිකට්පත් අලෙවිය හරහා ලාභ ලබන අතරතුර සමහර ආයතන ශ්‍රී ලංකා දුම්රිය සේවයට සැළකිව යුතු පාඩු සිදු කරමින් සිටින බව ඔහු හෙළි කළ ද , මෙම ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින පරීක්ෂණ පිළිබඳ අදහස් දැක්වීම ඔහු ප්‍රතික්ෂේප කළේය.
නව ක්‍රමය යටතේ දුම්රියට ගොඩවීමේ දී මගීන්ට ඔවුන්ගේ වෙන් කිරීමට ගැළපෙන මුල් හැඳුනුම්පත ඉදිරිපත් කිරීමට අවශ්‍ය වන නිසා, නැවත විකිණීම සඳහා ටිකට් තොග වශයෙන් මිලදී ගැනීම ඵලදායී ලෙස වළක්වා ඇත.
මෙම නව වෙනස ප්රවේෂා ස්මාර්ට් ටිකට්පත් පද්ධතියම වැඩිදියුණු කරමින් සකස්කර ඇත.
මෙම පද්ධතිය හරහා දින හතකට පෙර ටිකට්පත් මිලදී ගැනීමට මගීන්ට ඉඩ සලසයි.
එමගින් කෙටි පණිවුඩ හෝ විද්‍යුත් තැපෑල හරහා QR කේත සහිත ඩිජිටල් ටිකට්පත් ලබා ගත හැකිය.
සාමාන්‍යාධිකාරී පත්මප්‍රිය පිළිගත්තේ ඊ-වෙන්කිරීමේ පද්ධතිය ඔහුගේ ධුර කාලයට පෙර හඳුන්වා දී තිබුන ද, මුල් වේදිකාවට සැළකිව යුතු වෙනස්කම් කරමින් ද්ධතිය අනිසි ලෙස භාවිත කිරීම වැළැක්වීම සඳහා මේ වනවිට නිවැරදි කිරීම් හඳුන්වා දී ඇති බවයි.
මෙම වෙනස්කම්වලට සමගාමීව, ශ්‍රී ලංකා දුම්රිය සේවය රජයේ සේවකයන්, හමුදා නිලධාරීන් සහ විශ්‍රාමිකයන් සඳහා වෙනම ඊ-වොරන්ට් පද්ධතියක් ක්‍රියාත්මක කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart