
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ මහනගර සභාවේ නගරාධිපතිවරයා තෝරාගැනීමේ නිල ක්රියාවලියට මූලිකත්වය දුන් බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරියට බලපෑම් සිදුකිරීම සඳහා සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂ කණ්ඩායම සකස්කර තිබූ අත්සන් ලේඛනය කූට ලේඛනයක්ද යන්න සම්බන්ධයෙන් මේ වන විට කතාබහක් නිර්මාණය වී ඇත.
ජාතික ජන බලවේගයට විරුද්ධ පිලෙහි සභිකයින් 60 දෙනෙකුගේ අත්සනින් යුක්ත ලේඛනයක් මගින් විවෘත ඡන්දයක් පවත්වන ලෙස කොමසාරිස්වරියට බලපෑම් කරනු ලැබිය.
කිසිදු වලංගුභාවයක් නොමැති එවැනි අත්සන් සහිත ලේඛනයක් තිබෙන්නේ යැයි, විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකතුව වෙනුවෙන් පෙනීසිටි සභිකයන් කිහිපදෙනෙකු පුනපුනා කියා සිටිනු නිරීක්ෂණය විය.
එහෙත් ඡන්ද විමසීමේ දී හෙළිවූයේ එම පිරිසට ඡන්ද 54ක් පමණක් තිබූ බවය.
ඒ අනුව පළාත් පාලන කොමසාරිස්වරියට අනීතික කූට ලේඛනයක් මගින් බලපෑම් කිරීමට උත්සාහ කිරීම පිළිබඳව නීතිමය ක්රියාමාර්ග ගැනීමට ඇති හැකියාව පිළිබඳව වගකිවයුතු පාර්ශව අවධානය යොමුකර ඇතැයි වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart