
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ළමුන් අතර මේ දිනවල පාචන රෝග සැළකිව යුතු ලෙස පැතිර යන බව නිරීක්ෂණය වී තිබේ.
එම නිසා සෞඛ්‍ය නිලධාරීන් මව්පියන්ගෙන් ඉල්ලා සිටින්නේ ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙසයි.
රිජ්වේ ආර්යා රෝහලේ (LRH) ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසන්නේ ළමුන් වැඩි වශයෙන් පිටස්තර ආහාර අනුභව කිරීමට පෙළඹෙන බැවින්, දීර්ඝ නිවාඩු කාලවලදී ළමා පාචනය ඉහළයෑම සාමාන්‍ය තත්ත්වයක් බවයි.
රෝග ලක්ෂණ අතරට නිතර නිතර ලිහිල් හෝ ජලය සහිත මළපහ පිටවීම , උදර වේදනාව හෝ කැක්කුම, ආහාර රුචිය නැතිවීම, ඔක්කාරය හා වමනය ඇතුළත් වේ.
මෙම රෝග ලක්ෂණ තම දරුවන් තුළ දැකිය හැකි නම්, දරුවන් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා රැගෙන යන ලෙස ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මව්පියන්ගෙන් ඉල්ලා සිටී.
දරුවන්ට ආහාරයට ලබා දෙන දේ පිළිබඳ වඩාත් විමසිලිමත් වන ලෙස ද සෞඛ්‍ය අංශ මව්පියන්ට උපදෙස් දෙමින් පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව, වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ මරණ සඳහා දෙවැනි ප්‍රධානතම හේතුව පාචන රෝගයයි.
මේ අතර, ළමුන් අතර ටයිපොයිඩ් උණ පැතිරීම පිළිබඳව ද ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා අනතුරු ඇඟවීය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart