
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රූපවාහිනී සජීවී විකාශන අවස්ථාවක් ලබාගෙන රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි කියන සංචාරක හිටපු රාජ්ය ඇමැතිනී ඩයනා ගමගේට එරෙහිව නඩු පැවරීමට තීරණය කර ඇතැයි ජාතික රූපවාහිනී සංස්ථාව පවසයි.
මේ සම්බන්ධයෙන් අප ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති ආචාර්ය ප්රසාද් සමරසිංහගෙන් ‘ලංකාදීපය’ කළ විමසුමකදී ඔහු පවසා ඇත්තේ ඩයනා ගමගේට නඩු පැවරීමට තමා අදාළ අංශ නිලධාරීන්ට උපදෙස් දුන් බවයි.
මෙම හිඟ මුදල ගෙවන ලෙස කිහිප වතාවක්ම ඩයනා ගමගේට දැනුම්දී තිබුණද විවිධ හේතු දක්වමින් ගෙවීම පැහැර හැරි බවද සභාපතිවරයා සඳහන් කර ඇත.
නවගමුව පෙරහර සජීවී ලෙස ප්රචාරය කිරීම සඳහා ඇය මෙම විකාශනය ලබාගෙන ඇත්තේ, ඒ සඳහා වැය වන සියලුම මුදල් තමා පෞද්ගලිකවම ගෙවන බවට පොරොන්දු වෙමින් ලිඛිත ලියවිල්ලක්ද ඉදිරිපත් කරමින් බව පැවසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart