
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලොව පුරා දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාව 2050 වන විට බිලියන 1.3 දක්වා දෙගුණයකටත් වඩා වැඩි වනු ඇතැයි නවතම පර්යේෂණයකින් අනාවැකි පළ කර ඇත.
2050 දක්වා ප්‍රක්ෂේපණය කෙරෙන ගෝලීය දත්තවල මෙම විශ්ලේෂණයට අනුව, ලෝකයේ සෑම රටකම නිදන්ගත රෝගයෙන් පෙළෙන රෝගීන් සංඛ්‍යාවේ වැඩි වීමක් දක්නට ලැබේ.
ලොව මිලියන 529ක පමණ ජනතාවක් දැනටමත් දියවැඩියාවෙන් පෙළෙන බවට ගණන් බලා ඇති අතර, එය මරණ සහ ආබාධිත තත්ත්වයට ප්‍රධානතම හේතු 10න් එකකි.
සුප්‍රකට Lancet සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද මෙම අධ්‍යයනයකට අනුව එයින් සියයට 95 ක්ම දෙවන වර්ගයේ දියවැඩියා රෝගීන් වේ. එසේම දශක තුනකට අඩු කාලයකදී එම සංඛ්‍යාව බිලියන 1.3 ඉක්මවා යනු ඇත.
මෙලෙස දියවැඩියාව අධික ලෙස ව්‍යාප්තවීමට හේතු ලෙස සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර, ව්‍යායාම, දුම්පානය සහ මත්පැන් ඇතුළත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart