
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඔක්තෝම්බර් 05 වැනිදා ඉන්දියාවේදී ආරම්භවීමට නියමිත 2023 අයි.සී.සී ( ICC ) ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය සඳහා විනිසුරුවරුන් හා තීරකවරුන් නම් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.
එම විනිසුරු මඩුල්ලට ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේනද ඇතුළත් වේ.
එම තරඟාවලිය සඳහා විනිසුරුවන් 16 දෙනකු සහ තරඟ තීරකවරුන් 04 දෙනකු නම් සඳහන් කර තිබේ.
ඉන් 12 ක් අයි.සී.සී විනිසුරුවන්ගේ Emirates Elite කණ්ඩායමට අයත් අය වේ.
ක්‍රිස්ටෝපර් ගෆනි (නවසීලන්තය) ,කුමාර් ධර්මසේන (ශ්‍රී ලංකාව), මාරයිස් ඉරැස්මස් (දකුණු අප්‍රිකාව), මයිකල් ගෝෆ් (එංගලන්තය) ,නිතින් මෙනන් (ඉන්දියාව) පෝල් රීෆල් (ඕස්ට්‍රේලියාව), රිචඩ් ඉලින්වර්ත්, රිචඩ් කෙට්ල්බරෝ (එංගලන්තය) රොඩ්නි ටකර්, ජොයෙල් විල්සන් (බටහිර ඉන්දීය කොදෙව්) අහසන් රාසා (පාකිස්ථානය) සහ ඒඩ්‍රියන් හෝල්ඩ්ස්ටොක් (දකුණු අප්‍රිකාව) ඒ වේ.
ඉතිරි හතරදෙනා නැගී එන විනිසුරු මඩුල්ලට අයත්වේ.
එම වන්නේ, ඉබ්නේ ෂාහිඩ් ( බංග්ලාදේශය ), පාවුල් විල්සන් ( ඕස්ට්‍රේලියාව ), ඇලේක්ස් වාර්ෆ් ( එංගලන්තය ), ක්‍රිස් බ්‍රවුන් ( නවසීලන්තය )
තරග තීරකවරුන් ලෙස, ජෙෆ් ක්‍රෝ (නවසීලන්තය), ඇන්ඩි පයික්‍රොෆ්ට් (සිම්බාබ්වේ), රිචී රිචඩ්සන් (බටහිර ඉන්දීය කොදෙව්) සහ ජවගල් ශ්‍රීනාත් (ඉන්දියාව) යන අයද ඇතුළත් වේ.
2019 අවසන් මහා තරගයේ විනිසුරුවන් අතරවූ කුමාර් ධර්මසේන, ඉරැස්මස් සහ රොඩ්නි ටකර් මෙවර විනිසුරු මඩුල්ලට ඇතුළත් කර තිබේ.
එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැත්වෙන ආරම්භක තරගය සඳහා නිතින් මෙනන් සහ ධර්මසේන පිටියේ විනිසුරුවන් ලෙස නම් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart