
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාස අටකට වැඩි කාලයක් ඕස්ට්‍රේලියාවේ සිරව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඇප කොන්දේසි ලිහිල් කිරීමෙන් පසු එරට තුළ සංචාරය කිරීමට අවසර ලබාදී ඇත.
ධනුෂ්ක ගුණතිලක අඟහරුවාදා සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ පෙනී සිටි අවස්ථාවේ ඔහුගේ නීතිඥයෝ ඇප කොන්දේසි ලිහිල් කරන ලෙස ඉල්ලා සිටියහ.
පසුගිය වසරේ විස්සයි20 ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණ සිටියදී, සිඩ්නි නිවසක් තුළදී කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් ඔහු මීට පෙර වරද පිළිගෙන ඇත.
ධනුෂ්ක පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී සිය සගයන් සමඟ ශ්‍රී ලංකාවට පියාසර කිරීමට සූදානම්ව සිටියදී අත්අඩංගුවට ගෙන චෝදනාවට ලක් වූ අතර එතැන් සිට ඔහුට රට හැරයෑම වළක්වා තිබේ.
ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය භාරදෙන ලෙසත් කිසිදු ගුවන් තොටුපොළකට නොපැමිණෙන ලෙසත් දැඩි කොන්දේසි සහිතව 2022 නොවැම්බර් 17 වැනි දින ඔහුට ඇප නියම විය.
ධනුෂ්කගේ නව ඉල්ලීමට අනුව වැඩබලන විනිසුරු ග්‍රේම් හෙන්සන්, මෙම සතියේ දින හතරකට සහ මාසය අවසානයේ දින හතරකට රට තුළ සංචාරය සඳහා ගුවන් තොටුපොළ වෙත ළඟාවීමේ තහනම අත්හිටුවීමට එකඟතාව පළකර ඇත.
ඔහු ඕස්ට්‍රේලියාව තුළ සංචාරය කිරීමට අදහස් කරන්නේ නම්, තම සංචාරයේ කාලසීමාව, ස්ථානය සහ ගමන් මාර්ගය සමඟ අවම වශයෙන් පැය 48 කට පෙර පොලිසියට දැනුම් දිය යුතු බව ඔහු නියම කළේය.
කෙසේ වෙතත්, 32 හැවිරිදි ධනුෂ්කට තවමත් සතියකට තුන්වතාවක් පොලිසියට වාර්තා කළයුතු අතර එක් ජංගම දුරකථනයක් ළඟ තබාගැනීමට පමණක් අවසර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart