
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති ආචාර්ය රවීන්ද්‍රනාත් ශිවසුබ්‍රමනියම් අතුරුදන් කිරීම පිළිබඳ විමර්ශනවලදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිදුවූ තවත් අතුරුදන් කිරීම් රැසක් පිළිබඳ තොරතුරු අනාවරණය වෙමින් තිබෙන බව ‘සිළුමිණ’ පුවත්පත වාර්තා කරයි.
එම වාර්තාවට අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මීට අදාළ විමර්ශන සිදුකරන අතර, එහිදී අනාවරණය වී ඇත්තේ එල්ටීටීඊ සංවිධානය භාවිත කරමින් සිටියදී රජයේ ආරක්ෂක අංශ භාරයට ගත් වාහනද මේ අතුරුදන් කිරීම් සඳහා යොදාගෙන ඇති බවයි.
එසේ ආරක්ෂක අංශ භාරයට ගත් වාහන රාජසන්තක කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු වුවද, එසේ නොකරන ලද අවස්ථා පිළිබඳ මීට පෙරද අනාවරණය විය.
අදාළ විමර්ශනවලදී අනාවරණය වී ඇති ආකාරයට මේ අතුරුදන් කිරීම් කප්පම් සහ ඉඩම් මූලික කරගෙන සිදු වී ඇත.
කොළඹ නගරයේ සහ ඒ අවට පිහිටි ඉහළ වාණිජ වටිනාකමක් සහිත ඉඩම් සහ දේපොළ ලබාගැනීම සඳහා මෙසේ ඒවායේ හිමිකරුවන් හෝ උරුමකරුවන් පැහැරගෙන ගොස් ඇති බවත්, මේ අතුරුදන් කිරීම් පිළිබඳ පොලිස් ස්ථානවලට පැමිණිලි යොමුකර තිබේද, එසේ නම් එම පැමිණිලිවලට සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳව දැනටමත් තොරතුරු ලබාගැනීම ආරම්භ කර ඇති බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart