March 19, 2025

සැඟවී සිට අධිකරණයට බාරවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ ඔහු අද මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනීසිටිමෙන් අනතුරුවය.

මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් මීට පෙර හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාශයේ (CCD) හිටපු නිලධාරීන් අටදෙනකු අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබූ අතර, 2023 දෙසැම්බර් 31 වැනි දින මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේ W15 හෝටලය ඉදිරිපිට සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියේ සැකකරුවන් ලෙස ඔවුන් නම්කර තිබිණි.

ඒ හමුවේ, දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පුද්ගලයන් අටදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස CID යට උපදෙස් දෙන ලදී.

දින ගණනාවක් අතුරුදන්ව සිටි පොලිස්පතිවරයා අද පෙරවරුවේ අධිකරණය වෙත ඉදිරිපත්වී තිබිණි.