
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ජනාධිපති – රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයක ආරක්ෂක කටයුතු සංවිධාන කිරීමට බම්බලපිටිය පොලිස් ස්ථානයට පැමිණි සිටියදී ශ්‍රේෂ්ඨාධිකරණය තමාට එරෙහිව දුන් තීන්දුව දැනගත් සැණින් ඊයේ (24) උදේ 10.30ට පමණ එම සාකච්ඡාව අතරමග නතර කර ඉන් හදිසියේම පිටව ගිය බව පොලිස් ආරංචි මාර්ග සදහන් කළේය.
බම්බලපිටිය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමේ උත්සවයේ ආරක්ෂක කටයුතු සොයාබලා අවශ්‍ය උපදෙස් ලබාදීමට දේශබන්දු තෙන්නකෝන් ඊයේ උදේ9.00 පමණ එහි පැමිණ සිටියේ ඔහුගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරි කණ්ඩායම ද සමගිනි.
දේශබන්දු තෙන්නකෝන් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කොළඹ දිසාභාර නියෝජ්‍ය පොලිස්පති ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු රැසක් සමග ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සහ එම උත්සවයේ කටයුතු සම්බන්ධයෙන් එහි සාකච්ඡා කරමින් සිට ඇතැයි කියති.
දේශබන්දු තෙන්නකෝන් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් සිටිය දී ජනාධිපතිවරයා විසින් වැඩබලන පොලිස්පති තනතුරට පත්කරනු ලැබුවේ පසුගිය වසරේ නොවැම්බර් 29 වැනිදාය.
ඔහු පොලිස්පති තනතුරට පත්කෙරුණේ පසුගිය පෙබරවාරි 26 වැනිදාය.
(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart