
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේදී මෙරටට අනවසරයෙන් පැමිණ තිබූ රෝහින්ග්‍යා සංක්‍රමණිකයන් මෙරටින් පිටුවහල් කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.
විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර The Daily Morning වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ, එම සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමට තීරණයකට එළඹ නොමැති වුව ද, එම පිරිස තවමත් ශ්‍රී ලංකාවට පැමිණි නීතිවිරෝධී සංක්‍රමණිකයන් ලෙස පිළිගෙන රැඳවුම් කඳවුරක රඳවා සිටින බවයි.
එම සංක්‍රමණිකයින් පිරිසට අදාළව චෝදනා දෙකක් පවතින බවත්, ඉන් එකක් මිනිස් ජාවාරම සම්බන්ධයෙන් වන අතර දෙවැන්න නීතිවිරෝධී සංක්‍රමණය බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ.
එම නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිරිස ශ්‍රී ලංකාවට සංක්‍රමණය වීමේ අරමුණින් මියන්මාරයේ ඇති ඔවුන්ගේ දේපළ විකුණා බහුදින යාත්‍රාවකින් පැමිණ ඇති බවට පළ වූ වාර්තා පිළිබඳව ද නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පැහැදිළි කර ඇත.
ඔහු මීට පෙර ප්‍රකාශ කළේ රජය මානුෂීය පදනම මත එම සංක්‍රමණිකයන්ට උපකාර කළ බවයි.
මියන්මාරයේ රොහින්ග්‍යා සරණාගතයන් අවතැන්වීමත් සමඟ සරණාගතභාවය පතා ශ්‍රී ලංකාවට පැමිණි බව මෙම සරණාගතයන් අධිකරණයේ පැවැති නඩු විභාගයේදී පවසා තිබේ.
“මෙරට තුළදී උපත ලැබූ දරුවෙකු සිටින බව අපි සලකා බැලිය යුතුයි,” නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පැවසුවේ සරණාගත කාන්තාවක් දරුවෙකු ප්‍රසූත කිරීම ගැන සඳහන් කරමිනි.
රෝහින්ග්‍යා යනු මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ ජීවත්වන මුස්ලිම් සුළුතරයකි.
ඔවුන්ගෙන් බොහෝ පිරිසක් බංග්ලාදේශයට පළාගොස් ඇති අතර තවත් පිරිසක් වෙනත් රටවලට පළාගොස් සිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart