
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහා විහාර සංරක්ෂණ ව්‍යාපෘතිය මහාචාර්ය රොබින් කනින්හැම්ගේ මූලිකත්වයෙන් සිදුකිරීම ගැන විෂය ප්‍රාමාණිකයන්ගෙන් විරෝධයක් නිර්මාණය වෙමින් තිබේ.
දේශීය විෂය විශේෂඥයන් ප්‍රමාණවත් පරිදි මැදිහත් කර නොගෙන මහාචාර්ය කනින්හැම්ගේ මූලිකත්වයෙන් අදාළ ව්‍යාපෘතිය දියත් කිරීම නිසා මෙම විරෝධය පළ වී ඇතැයි පුරාවිද්‍යා උරුම කළමනාකරණය ගැන ලෝප්‍රකට විද්වතකු වන ආචාර්ය ගාමිණී විජේසූර්ය ‘මව්බිම පුවත්පත’ට පවසා ඇත.
පවතින නීතියෙන් පුරාවිද්‍යා ස්මාරක සම්බන්ධයෙන් කෙරෙන අර්ථකථනවලට වඩා වැඩි වටිනාකමක් එම සම්පත්වල අන්තර්ගත නමුත් මහාචාර්ය කනින්හැම් වැන්නන් එම සංස්කෘතික වටිනාකමට සංවේදී නැතැයි ආචාර්ය විජේසූරිය චෝදනා කර තිබේ.
මහා විහාරය යනු ලොව පවතින පුරාවස්තු අතරෙහි විශිෂ්ටතම සම්පතක් යැයි කී හෙතෙම, ඊට අදාළව කෙරෙන සංරක්ෂණ ව්‍යාපෘතියක් දියත්විය යුත්තේ දේශීය විෂය ප්‍රාමාණිකයන්ගේද නොමඳ මැදිහත්වීමක් යැයි අවධාරණය කරයි.
ආචාර්ය ගාමිණී විජේසූරිය යනු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංරක්ෂණ අංශයේ වසර 18ක සේවා අත්දැකීම් ඇති හිටපු අධ්‍යක්ෂවරයෙකි.
ආචාර්ය ශිරාන් දැරණියගල සමග අනුරාධපුර ඇතුල්නුවර කැණීම්වලට සම්බන්ධ වී එහි වාර්තා අයථා ලෙස යොදාගත්තැයි මහාචාර්ය රොබින් කනින්හැම්ට ක්ෂේත්‍රයෙහි චෝදනාවක්ද එල්ලවී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart