
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පවතින අධික වර්ෂාවත් සමඟ ඩෙංගු මදුරුවන් බෝවීම සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.
එහි සභාපති නජිත් සුමනසේන මහතා පවසන්නේ වියළි කාලගුණය හේතුවෙන් පහළ බැස තිබූ බ්‍රිටෝ (Breteau) දර්ශකය මේ වනවිට ඉහළ ගොස් ඇති බවයි.
මදුරු කීට ඝණත්වය ඉහළ යාමට සාපේක්ෂව නුදුරේදීම වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ද ඉහළ යනු ඇතැයි ඔහු අනතුරු අඟවයි..
මේ මාසයේ, මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 2500ක් වාර්තා වූ බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart