
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රනිල් වික්‍රමසිංහට පසුව දීර්ඝතම කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ එක්සත් ජාතික පාක්ෂිකයා තමන් බවත්, වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන එම පක්ෂයේ සිටි එකම සාමාජිකයා ද තමන් බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
එහෙත් එම පක්ෂයේ සිටින පුද්ගලයන් දෙදෙනෙකුට ඒ සම්බන්ධයෙන් බියක් පවතින බැවින් ඔවුන් තමන් ඇතුළු කිහිපදෙනෙකු පක්ෂයෙන් හුදෙකලා කිරීමට උත්සහ කරමින් සිටින බව ද මන්ත්‍රීවරයා අනාවරණ කළේය.
එබැවින් පක්ෂය තුළ සිදු කෙරෙන ඇතැම් සාකච්ඡා සඳහා ඔවුන් තමන්ට ආරාධනාවක් හෝ නොකරන බව ceylonwire.lk සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු අවධාරණය කළේ එවැනි හුදෙකලා කිරීම් තුළින් තමන් වැනි එක්සත් ජාතික පාක්ෂික අලින්ගේ ගමන නැවැත්වීමට ඔවුන්ට නොහැකි බවයි.
එලෙස අත්තනෝමතික ලෙස ක්‍රියාකරමින් සිටින එම පුද්ගලයින් දෙදෙනා එක්සත් ජාතික පක්ෂය විනාශයට ඇද දමන බවත්, දැන් සිදු කළ යුත්තේ සන්ධානයක් ලෙස හෝ ඒකරාශී වී එක්සත් ජාතික පාක්ෂිකයින් ජයග්‍රහණය කරවීම බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart