
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
35 වැනි ‘ඉල්මහ විරු සමරුව’ අද කොළඹ නව නගර ශාලාවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කෙරිණි.
එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් අවධාරණය කර සිටියේ, ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ඇතුළුව 88 – 89 වකවානුවේදී මරාදමුණු ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ගේ මරණ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ විශාල වගකීමක් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පාලනයට පවතින බවයි.
එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.
“අද අපි එළඹිලා ඉන්නේ 35 වෙනි ඉල්මහ විරු සමරුව පවත්වන මොහොතට. 88 – 89 වකවානුවේ යුක්තිය ඉල්ලලා හඬනැගුව පරම්පරාවක් තමයි ඝාතනය වුණේ. රෝහණ විජේවීර සහෝදරයා උපතිස්ස ගමනායක සහෝදරයා ඇතුළු 60,000කට වැඩි සහෝදරවරු පිරිසක් ඝාතනය වුණා. ඒ සියලුදෙනාම නියෝජනය කළේ වර්තමාන ආණ්ඩු බලය හොබවන ජාතික ජන බලවේගයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය විස්වාස කළ අය.
මේ 35 වෙනි ඉල්මහ විරු සමරුව පැවත්වෙන මොහොත ඓතිහාසික මොහතක් වෙන්නේ ඒ නිසා. 88 – 89 කාලයේ රාජ්‍ය ත්‍රස්තවාදය යොදාගෙන සිදුවුණේ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක්. ලෝක ඉතිහාසයේ ම්ලේච්ඡතම ජන සංහාරයක්. ඒ මියගිය සියලුදෙනා වෙනුවෙන් ඔවුන්ගේ අසීමිත කැපකිරීම් වෙනුවෙන් අදටත් ජනතාව බලාපොරොත්තු වෙන්නේ යුක්තිය. ජනතා විමුක්ති පෙරමුණ බලයට ගේන්න දරදිය ඇදපු පාක්ෂිකයන්ගේ පවුල්වල ඥාතීන් හිතවතුන් තමයි ඝාතනය වුණේ. ඒක නිසා පෙර පැවති ආණ්ඩුවලට වඩා වැඩි සදාචාරාත්මක අයිතියක් යුතුකමක් වගේම හැකියාවක් ජාතික ජන බලවේග ආණ්ඩුවට තියනවා 88 – 89 කාලය ගැන පුළුල් පරීක්ෂණයක් කරලා, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයට සම්බන්ධ වූ සියලුදෙනාට දඩුවම් දෙන්න. පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට අපි බලාපොරොත්තු වෙනවා, අනුර දිසානායක ජනාධිපතිවරයා ඒ වගකීම ඉටු කරයි කියලා. ඒ සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් දෙන්න අපි සූදානම්. “
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart