
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකාවේ යූටා හි සෝල්ට් ලේක් සිටි ගුවන් තොටුපොළේ සිට නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් දක්වා ගුවන්ගත වූ ඩෙල්ටා ගුවන් යානයක, වාතයේ ‘රික්තකයක්’ හේතුවෙන් සිදුවූ කැළඹීමක් නිසා, මගීන් රැසක් තුවාල ලබා තිබේ.
මෙම කැළඹිලි සහගත තත්වය හමුවේ එම ගුවන් යානය මිනියාපොලිස්-සෙන්ට් පෝල් අන්තර්ජාතික ගුවන්තොටුපොළට හරවා යැවීමට සිදුවිය.
ගුවන් යානය ගොඩබෑමෙන් පසු පුද්ගලයන් 25 දෙනෙකු ප්‍රතිකාර සඳහා ප්‍රාදේශීය රෝහල් වෙත යොමුකර තිබිණි.
යානයේ සිටි මගීන් පැවසුවේ පිරිසක් යානයේ ඉහළට විසිවී පසුව ඔවුන් බිම වැටුණු බවයි.
යානයේ තිබූ ඇතැම් උපකරණ ද එලෙස ඉහළට විසිවී බිම වැටීමෙන් තවත් පිරිසක් තුවාල ලබා තිබේ.
එවැනි සිදුවීම් අවස්ථා කිහිපයකදී සිදුවූ බැවින් එම ගමන බියජනක බව මගීන් පවසා ඇත.
ඇතැමුන් පැවසුවේ, කැලඹීම් සහගත තත්වය අතරතුර යානය අඩි 500 ක් පමණ ඉහළට ගොස් අඩි 1,500 ක් පහළට වැටී ඇතැයි යන ගැඟීමක් දැනුණු බවයි.
මෙම සිදුවීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් ඩෙල්ටා සමාගම පැවසුවේ සම්බන්ධ වූ සියලුම හදිසි ප්‍රතිචාර සේවා සඳහා කෘතඥ වන බවයි.
සමාගමේ අංක 1 ආරක්ෂාව වන අතර Delta Care Team මගීන්ගේ ක්ෂණික අවශ්‍යතා සඳහා සහාය දැක්වීම වෙනුවෙන් ඔවුන් සමඟ ඍජුව කටයුතු කරන බව ද එහි දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart