March 22, 2024

දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් අත්අඩංගුවට ගෙන තිබේ.

දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල්, සුරාබදු ප්‍රතිපත්ති හා සම්බන්ධ මුදල් විශුද්ධිකරණ නඩුවක් සම්බන්ධයෙන් ඉන්දියාවේ බලාත්මක අධ්‍යක්ෂ මණ්ඩලය (ED) විසින් බ්‍රහස්පතින්දා රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව බලධාරීහු පවසති.

කෙජ්රිවාල්ට ආරක්ෂාව ලබාදීම දිල්ලි මහාධිකරණය ප්‍රතික්ෂේප කිරීමෙන් පැය කිහිපයකට පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

කෙජ්රිවාල් යනු තනතුරේ සිටියදී අත්අඩංගුවට පත්වූ පළමු ඉන්දීය මහඇමැතිවරයාය.

මහාධිකරණ නියෝගයකින් පසු නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ නිවසට පැමිණ සෝදිසි කිරීම් සිදුකර ඇත. අනතුරුව ඔහු අත්අඩංගුවට ගත් බව නිලධාරීහු පවසති.