
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මීගමුව බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවූ රැඳවියන්ගේ අධිකරණ කටයුතු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, කොමසාරිස් ඒ.සී. ගජනායක පැවසුවේ හෙට (13) දින සිට අධිකරණය හමුවට පෙනී සිටීමට නියමිත රැඳවියන් මෙලෙස වීඩියෝ සබැඳි ඔස්සේ නඩු කටයුතුවලට සම්බන්ධ කරන බවයි.
මීගමුව බන්ධනාගාරයේ මෑතකදී ඇති වූ ගැටුමකින් පසුව රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යවා තිබිණි.
එලෙස මාරුකරන ලද රැඳවියන් ඔවුන්ගේ නඩු කටයුතු සඳහා අධිකරණ වෙත ප්‍රවාහනය කිරීම අභියෝගයක් වී තිබූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එබැවින්, ඔවුන්ගේ අධිකරණ පෙනීසිටීම් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පහසුකම් සැලසීමට මෙම තීරණය ගත් බව කොමසාරිස් ගජනායක ප්‍රකාශ කළේය.
මේ අතර, මීගමුව බන්ධනාගාරයේ සිදු වූ එම ගැටුමෙන් සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ත්‍රිපුද්ගල කමිටුවක් ද පත්කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart