
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ඇති ගෘහ නිර්මාණ, සංස්කෘතික සංකේතනයන් හා කලා නිර්මාණ විනාශ වීමට ඉඩනොදී සංරක්ෂණය කිරීමට තීරණය කර ඇත.
සෙංකෝලය, රිදී දොරටුව, තඹ දොරටුව, සිංහ දොරටුව සභා ගර්භ සීමාව, පිත්තල කොඩි 18, පොකුරු පහන, උත්සව ධජ 18, රේඛා චිත්‍ර බිතු සිතුවම්, දැව චිත්‍ර, ඡායාරූප ද මේ යටතේ සංරක්ෂණය කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා පැවැති සාකච්ඡාවකදී තීරණය වී තිබේ.
ජාතික කෞතුකාගාර, ජාතික ලේඛනාරක්ෂක, පුරාවිද්‍යා, සංස්කෘතික ආදී දෙපාර්තමේන්තු ජෙෆ්රි බාවා භාරකාර අරමුදල, ලංකා කලා මණ්ඩලය, ජාතික ශිල්ප සභාව, හස්ත කර්මාන්ත මණ්ඩලය, මධ්‍යම සංස්කෘතික අරමුදල, ඊනා ද සිල්වා භාර අරමුදල, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නියෝජනය කරන අය ද ඊට එක්වී ඇත.
මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටු වෙන් වශයෙන් පිහිටුවීමට හා දෙසැම්බර් 12 යළි රැස්වීමට සාකච්ඡා කිරීමටත් තීරණය කර තිබේ.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart