October 25, 2023

පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් මියයෑම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතීඥ නිමල් පුංචිහේවා පවසන්නේ, පසුගිය කාලය තුළ එවැනි සිද්ධීන් 20කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි.

ඒ අනුව අත්අඩංගුවේ පසුවන සැකකරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා විශේෂ උපදෙස් මාලාවක් සකස් කිරීමට තීරණය කළ බව ඔහු පැවසීය.