
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විවිධ බාධා කිරීම් මධ්‍යයේ සිය නව සන්ධානය පිහිටුවීම සාර්ථකව සිදුකළ බව ශ්‍රීලනිප හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ නායකත්වයෙන් යුත් ‘මානුෂීය ජනතා සන්ධානය’ නම් මෙම නව දේශපාලන සන්ධානයේ සමාරම්භක උත්සවය පසුගිය බදාදා කොළඹ 7 පිහිටි අන්තර්ජාතික සබඳතා සහ අධ්‍යයන කටයුතු පිළිබඳ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන පැවැති දිනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ, ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැදිහත් වීමකින් හෝ ආරාධනාවකින් කිසිදු රැස්වීමක් හෝ දේශපාලන කටයුත්තක් 2024.03.20 (අද) දිනයේ සංවිධානය කර නොමැති බවත් අද දිනයේ පක්ෂය විසින් සංවිධාන කරන එවැනි උත්සවයක්, රැස්වීමක්, මුහුරත් උළෙලක් පැවැත්වෙන බවට පැතිර යන කටකතා සහ වාර්තා අසත්‍ය බවත් එවැනි රැස්වීමකට, උත්සවයකට හෝ මුහුරත් උළෙලකට සහභාගී නොවන ලෙස පක්ෂයේ සියලු දෙනාට දන්වා සිටිමු’ යනුවෙනි.
මෙවැනි බාධා කිරීම් සිදුවුවද සන්ධානය පිහිටුවීම සාර්ථකව සිදුකළ බව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පවසයි.
විශේෂයෙන් කුරුණෑගල ඇතුළු ප්‍රදේශ රැසකින් මෙම අවස්ථාවට විශාල පිරිසක් පැමිණ සිටි බව වාර්තා සඳහන් කරයි.
මෙම සන්ධානයට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කරනු ලැබුවේ එහි පාර්ශ්වයන් බවට පත්වූ දේශපාලන පක්ෂ 20 සමඟය.
මෙම අවස්ථාවට ප්‍රධාන දේශපාලන පක්ෂවල ප්රමුඛ පෙළේ නායකයෝද සහභාගි වූහ.
සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, දෙමළ ප්රගතිශීලී සන්ධානයේ උප සභාපති පලනි දිගම්බරම්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සභාපති රාහුෆ් හකීම්, පිවිතුරු හෙළ උරුමයේ සභාපති උදය ගම්මන්පිල, ජාතික නිදහස් පෙරමුණේ සභාපති විමල් වීරවංශ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් තිලංග සුමතිපාල, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ ඇතුළු පිරිසක් ඒ අතර වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart