
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සැබෑ ප්‍රශ්නය යටපත් කිරීමට ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා උත්සාහ කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.
මෙම සතියේ එනම්, ජුනි 18 සිට 22 දක්වා කාලය තුළ ගුවන් ගමන් 13ක් අවලංගු කර ඇති බවත්, ගුවන් ගමන් 80කට නියමුවන් නොමැති බවත්, මන්ත්‍රීවරයා සඳහන් කරයි.
අවලංගු කළ ගුවන් ගමන් වෙන්කරවා ගත් මගීන් අවට ඇති හෝටල්වල රඳවා ඇති බවත්, එම නවාතැන් සඳහා මිලියන ගණනක මුදලක් වැය කිරීමට සිදුවන බවත්, ඔහු සඳහන් කරයි.
”ගුවන් නියමුවන් කෝවිඩ් කාල සීමාව තුළ සියයට 50ක් වැඩකළා. ගුවන් ගමන් නතර කරලා තිබුනත් ඔවුන් වැඩකළා. ඒ ගෙවීම ඔවුන් ඉල්ලනවා. එක ගැන බලන්නේ නෑ. ඇමැතිතුමා මේ කාරණා ඔක්කොම වසන් කරල තමයි මේ ක්‍රියාදාමය කරන්නේ. මොකද මේක විකුණන්න අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරලයි තියෙන්නේ. ඒක තමයි දැන් වෙලා තියෙන්නේ. ආයතනය වට්ටන වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මකයි. ඒ වගේම මගීන් අරන් යන බස් රථවලට ගුවන්තොටුපල ඇතුළට යන්න දෙන්නේ නෑ. පාරවල් දිගේ මිනිස්සු තමන්ගේ බෑග් අරන් යනවා.” යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart