
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් ඉවත් කර සිටින දයාසිරි ජයසේකර එම පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් නායකත්වයෙන්ද ඉවත් කර තිබේ.
දයාසිරි ජයසේකර වටවෙනු වයඹ පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමැති ලක්ෂ්මන් වෙඬරුව දිස්ත්‍රික් නායකත්වයට පත්කරන ලෙස එම දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිප දිස්ත්‍රික් සංවිධායකයන්, ආසන සංවිධායකයන් පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කර තිබෙන බව වාර්තා වේ.
පක්ෂ නායක මෛත්‍රීපාලගෙන් මෙම ඉල්ලීම කර තිබෙන්නේ, ඔහුගේ ප්‍රධානත්වයෙන් බිංගිරියේදී පැවැති පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධානයේ හමුවේදීය.
ලබන ජනවාරි 08 වැනිදා පැවැත්වෙන ශ්‍රීලනිප විධායක සභා රැස්වීමේදී මේ පිළිබඳව හා තවත් ප්‍රශ්න කිහිපයක් සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට නියමිත බවද වාර්තා වේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ලෙස තිලංග සුමතිපාල විවිධ සාකච්ඡා හා ජනමාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරීම පිළිබඳව මෙම රැස්වීමේදී තීන්දුවක් ගැනීමට නියමිත බව දැනගන්නට තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙස මහජන එක්සත් පෙරමුණේ නායක අගමැති දිනේෂ් ගුණවර්ධන, සන්ධානයේ නායක මෛත්‍රිපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කර තිබෙන අතර, ලබන ජනවාරියේ එම රැස්වීම පැවැත්වීමට දින නියම කරගෙන ඇත.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart