
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නැවත බාරදී තිබෙන රජයේ වාහන ප්‍රදර්ශන භාණ්ඩයක් බවට පත්කර ජනතාව නොමඟ යැවීම වෙනුවට ඒවා වෙන්දේසි කර එම මුදල් මහා භාණ්ඩාගාරයට යොමු කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර නව රජයෙන් ඉල්ලා සිටියි.
කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයට නුදුරින් පිහිටි පොදු රථගාලේ ගාල් කර ඇති රාජ්‍ය වාහන පිළිබඳ මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේය.
“මම හිතන්නේ ඔවුන් වාහන ප්‍රදර්ශනය කිරීමෙන් පුංචි සතුටක් ලබනවා. 2015 දී ජෝන් අමරතුංග ගාලු මුවදොර පිටියේදීත් මෙවැනිම වාහන සංදර්ශනයක් කළා. මේ වාහන මැති ඇමැතිවරු පාවිච්චි කරලා නැහැ. මේ වාහන පාවිච්චි කරලා තියෙන්නේ ජනාධිපති කාර්යාලයේ අය සහ රජයේ නිලධාරීන්.” යනුවෙන් ද දයාසිරි ජයසේකර ප්‍රකාශ කර ඇත.
එම වාහන වෙන්දේසි කර එම මුදල් භාණ්ඩාගාරයට යොමු කරන ලෙස දයාසිරි ජයසේකර ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
රාජ්‍ය නිලධාරීන්ට ත්‍රිරෝද රථ යොදාගෙන රාජකාරි කටයුතු කරගෙන යෑමට උපදෙස් දෙන ලෙසද ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart