
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දයාසිරි ජයසේකර, රවි කරුණානායක, අජිත් පී. පෙරේරා හා තවත් විපක්ෂයේ මන්ත්‍රිවරුන් දෙදෙනකු එකම කාරණාව සම්බන්ධයෙන් වරප්‍රසාද ප්‍රශ්න 5ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.
එහෙත් කතානායකවරයා වරප්‍රසාද ප්‍රශ්න මතුකිරීමට ඉඩ ලබා දුන්නේ නැත.
මේ නිසා පාර්ලිමේන්තුවේ ගාලගෝට්ටියක් ඇතිවිය.
මෙහිදී දයාසිරි ජයසේකර නැගිට, ‘‘කතානායකතුමනි ඔබතුමා ඉඩ දුන්නත් නොදුන්නත් වරප්‍රසාද ප්‍රශ්නය මම ඉදිරිපත් කරනවා‘‘ යැයි පවසමින් වරප්‍රාසද ප්‍රශ්නය කියවීය.
අජිත් පී. පෙරෙරාද වරප්‍රසාද ප්‍රශ්නය මුළුමනින්ම නොකිව්වත් එහි අන්තර්ගතය කෙසේ හෝ කියවා ගත්තේය.
රවි කරුණානායකද දයාසිරිගේ අඩි පාරේම යමින් ‘‘ ඔබතුමා ඉඩ නොදුන්නත් මටත් මේක කියවන්න වෙනවා‘‘ යැයි පවසමින් වරප්‍රසාද ප්‍රශ්නය කියවීය.
විපක්ෂයේ මේ හැසිරීමෙන් කෝප වූ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු විපක්ෂය හා වචන හුවමාරුවක්ට පිවිසියහ.
මෙහිදී දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා අන්තර් පාර්ලිමේන්තු සංගමයට ආණ්ඩුවේ මේ ක්‍රියාකලාපය පැමිණිලි කරන බවට තර්ජනය කළේය.
දයාසිරිගේ ඒ ප්‍රකාශයත් සමග ආණ්ඩුව මදක් පසු පසට ගිය බවක් පෙනිණි.
මන්ද අන්තර් පාර්ලිමේන්තු සංගමය යනු කුමන හෝ පාර්ලිමේන්තුවක ප්‍රශ්න තිබෙනවා නම් පැමිණිලි කිරීමට ඇති තැනය.
එහි අසාදු ලේඛනගත වුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුනට ලැබෙන විදේශ සංචාර ආදී වරප්‍රසාද කැපීයනු ඇත.
කෙසේවෙතත් බිමල් රත්නායකද නැගී සිටිමින් පවසා සිටියේ “ඔයාලා අන්තර් පාර්ලිමේන්තු සංගමයට යනවා නම් අපිත් යනවා” යනුවෙනි.
මීට ප්‍රතිචාර දක්වමින් අජිත් පී. පෙරේරා මන්ත්‍රිවරයා ගෝරනාඩුවක් කළේය.
අජිත්ගේ ස්වරයට බිමල්ද අවේග ශීලී වී ‘‘ මම කතා කරනකෙට වාඩි වෙනවා‘‘ යැයි පැවැසීය.
ඒත් සමග ආණ්ඩුව හා විපක්ෂය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart