
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අභාවප්‍රාප්ත ව්‍යාපාරික හැරී ජයවර්ධනගේ දියණිය වන ස්ටෂානි ජයවර්ධන එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී හි නව සභාපතිනිය ලෙස පත්කර තිබේ.
මේ බව කොළඹ කොටස් වෙළඳපොළට අද නිවේදනය කරන ලදී.
“ස්ටෂානි ජයවර්ධනට ඇගේ අභාවප්‍රාප්ත පියා වන දේශමාන්‍ය ඩී. එච්. එස්. ජයවර්ධනගේ මඟ පෙන්වීම යටතේ සමාගම් කළමනාකරණය පිළිබඳ වසර 15 කට වැඩි පළපුරුද්දක් ඇත.
ඇය සංචාරක අංශය ඇතුළුව එයිට්කන් ස්පෙන්ස් සමූහ සමාගම් වෙනුවෙන් කළමනාකරණය සහ උපායමාර්ගික මඟපෙන්වීම ලබා දී ඇති අතර, දිවංගත දේශමාන්‍ය ඩී. එච්. එස් .ජයවර්ධනගේ දැක්මට අනුකූලව එයිට්කන් ස්පෙන්ස් සමූහ සමාගම් සමූහයේ අඛණ්ඩ වර්ධනය සඳහා අත්‍යවශ්‍ය වන දැනුම හා අත්දැකීම් සම්භාරයක් ගෙන එනු ඇත.” යැයි එයිට්කන් ස්පෙන්ස් සමූහය නිවේදනය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart