
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව නිල වශයෙන් ඇතුළත් කර ඇති අතර එම තරග පැවැත්වෙන දින අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව නිල වශයෙන් අනාවරණය කර ඇත.
තරග සඳහා සහභාගී වන කණ්ඩායම් සංඛ්‍යාව සහ තරග පැවැත්වෙන ස්ථාන ඉකුත් අප්‍රේල් මාසයේදී ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව මෙවර නිවේදනය කර ඇත්තේ LA28 හි පිරිමි සහ කාන්තා කාණ්ඩ සඳහා T20 තරඟ 2028 වසරේ ජූලි 12 සිට ජූලි 29 දක්වා පැවැත්වෙන බවයි.
පදක්කම් තරඟවල්දී කාන්තා තරඟ ජූලි 20 වනදා සහ පිරිමි තරග ජූලි 29 පැවැත්වේ.
මෙම නිවේදනය ක්‍රිකට් ක්‍රීඩාව සඳහා තවත් සුවිශේෂී අවස්ථාවක් වන අතර ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩාව දෙවැනිවරටත් ඔලිම්පික් තරඟාවලියකට එක්වනු ඇත.
මෙවර ඔලිම්පික් තරගාවලියේදී ක්‍රිකට් තරග සඳහා කාන්තා පිරිමි අනුව කණ්ඩායම් හයක් පදක්කම් සඳහා තරඟ වැදීමට නියමිතය.
සෑම තරඟාවලියක් සඳහාම මලල ක්‍රීඩක කෝටා 90ක් වෙන්කර ඇති අතර සුදුසුකම් ලබා සිටින රටවලට සාමාජිකයින් 15 දෙනකුගෙන් යුත් සංචිත නම් කිරීමට ඉඩ ලබාදේ.
සියලුම තරඟ ලොස් ඇන්ජලීස් නගරයේ සිට කිලෝමීටර් 50ක් පමණ දුරින් පිහිටි Pomona Fairplex හිදී පැවැත්වේ.
LA28 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලැබීමේ ආකාරය තවමත් තහවුරු කර නොමැති නමුත්, ජූලි 17 වැනිදා සිංගප්පූරුවේ පැවැත්වෙන ICC වාර්ෂික සමුළුවේදී එය සාකච්ඡා කරනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart