
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක පිළිබඳ යළිත් සමාජ මාධ්‍ය ජාලා තුළ දැඩි කතාබහක් මතුව තිබේ.
ඒ මේ දිනවල සිම්බාබ්වේ හි හරාරේ නුවර පැවැත්වෙන Zim Afro T10 ක්‍රිකට් තරගාවලියේදී දැකගත හැකි වූ සිදුවීමක් හේතුවෙනි.
දසුන් ශානක මෙම තරගාවලියේ දී නායකත්වය දෙන්නේ හරාරේ බෝල්ට්ස් කණ්ඩායමටය.
JBT කණ්ඩායම සමග පැවති තරගයේ දී හරාරේ නායක දසුන් ශානක ප්‍රමුඛ කණ්ඩායම සිය පන්දුවාර 10 අවසන් වීමට තවත් පන්දු දෙකක් පමණක් තිබියදී කඩුලු 06ක් පමණක් දැවී එම තරගය ජගනු ලැබීය.
නමුත් මෙම තරගයේදී කාගෙත් අවධානය යොමු වූ සිදුවීමක් වූයේ ප්‍රතිවාදී ක්‍රීඩක Tashinga Museklwa හට පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසීමට ලබා දී තිබූ කාලය ඉක්මවා යෑම හේතුවෙන් ඔහු දවාගැනීමට තිබූ අවස්ථාව දසුන් ප්‍රතික්ෂේප කිරීමයි.
පැමිණීම සඳහා සාමාන්‍යයෙන් තත්පර 60ක් ලබා දී තිබුණ ද ඊට වඩා වැඩි කාලයක් ගතවීම හේතුවෙන් ක්‍රීඩා නීති අනුව අවශ්‍ය නම් ඔහු නිසැකයෙන් ම දැවීගිය ක්‍රීඩකයකු ලෙස දවා ගැනීමට හැකිව තිබිණි.
එම අවස්ථාවේදී බෝල්ට්ස් නායක දසුන් ශානකගෙන් තරගයේ විනිසුරු විමසා සිටින්නේ ප්‍රතිවාදී ක්‍රීඩකයාට පිටියට පිවිසීමට තිබූ වේලාව ඉක්මවා ගොස් ඇති බවත් ‘ටයිම් අවුට් ‘ (Time Out) අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය ද යන්නයි.
නමුත් නායක දසුන් ශානක විනිසුරු පෙන්වූ ටයිම් අවුට් අභියාචනය අනවශ්‍ය බවට ප්‍රතික්ෂේප කර ඇති අතර, ප්‍රමාද වූ පිතිකරුට පිතිකරණය සඳහා අවස්ථාව ද ලබා දී තිබේ.
මේ නිසා දසුන්ගේ මෙම තීරණය සහ නායකත්ව ගුණාංග විදෙස් ක්‍රීඩා මාධ්‍ය තුළ කතාබහට ලක්වන අයුරු දැකිය හැකිය.
දසුන් ශානක යනු ශ්‍රි ලංකා එක්දින සහ T20 ක්‍රිකට් කණ්ඩායම සඳහා බොහෝ කාලයක් නායකත්වය දෙමින් ආසියානු කුසලානයක් පවා ශ්‍රි ලංකාවට දිනා දීමට කැප වූ නායකයෙකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart