December 2, 2025

බංග්ලා­දේ­ශ­යේදී ලබන වසරේ පැවැ­ත්වී­මට නිය­මිත 12 වැනි බංග්ලා­දේශ ප්‍රිමි­යර් ලීග් විස්සයි20 (BPL) තර­ගා­ව­ලි­යට එක්වීමේ අව­ස්ථාව ශ්‍රී ලාංකික ක්‍රීඩ­ක­යන් 7 දෙන­කුට හිමිව තිබේ.

එම තර­ගා­ව­ලිය සඳහා පැවති ක්‍රීඩක වෙන්දේ­සි­යේදී ශ්‍රී ලංකා හිටපු නායක සහ පාකි­ස්තාන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලියේ වැඩබලන නාය­කයා ලෙස කට­යුතු කළ දසුන් ශානක ඉහ­ළම මිලක් හිමිවූ විදෙස් ක්‍රීඩ­කයා ලෙස අමෙ­රි­කානු ඩොලර් 55,000ක් හෙවත් ආසන්න වශ­යෙන් රුපි­යල් 16,964,211.00 ගෙවා මිලදී ගැනී­මට ඩකා කැපි­ටල්ස් පිල කට­යුතු කළේය.

ශානක මින් පෙර ද BPL තර­ගා­ව­ලි­යේදී කණ්ඩා­යම් 4ක් නියෝ­ජ­නය කර­මින් තරග 16ක් ක්‍රීඩා කර ඇති අතර, අව­සන් වරට 2024දී කුල්නා ටයි­ගර්ස් පිල වෙනු­වෙන් තරග 3ක් ක්‍රීඩාකළේය.

ඔහුට අම­ත­රව මේ වෙන්දේ­සි­යේදී හිටපු නායක තුන්ඉරි­යව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සිල්හෙට් ටයි­ටන්ස් පිල විසින් ද සහ කඩුලු රකින පිති­කරු නිරෝ­ෂන් දික්වැල්ල චැටෝ­ග්‍රෑම් රෝයල්ස් පිල විසින් ද මිලදී ගැනී­මට කට­යුතු කළ අතර, ඔවුන් දෙදෙ­නාට අමෙ­රි­කානු ඩොලර් 35,000ක් හෙවත් රුපි­යල් කෝටි­ය­කට 10,795,407.00) ආසන්න මුදල් හිමිව තිබේ.

රාජ්ෂාහි වොරි­යර්ස් පිල විසින් දඟපන්දු යවන ක්‍රීඩක දුෂාන් හේම­න්තට අමෙ­රි­කානු ඩොලර් 25,000ක් හෙවත් ලක්ෂ 77කට ආසන්න මුද­ල­කට මිලදී ගෙන ඇති අතර, ඇන්ජලෝ පෙරේරා අමෙ­රි­කානු ඩොලර් 20,000ක් හෙවත් රුපි­යල් ලක්ෂ 61කට ආසන්න මුද­ල­කට චැටෝ­ග්‍රෑම් රෝයල්ස් පිල එක්කර­ගෙන තිබේ.

මේ ක්‍රීඩ­ක­යන් පස්දෙනා වෙන්දේ­සිය මඟින් තෝරාගනිද්දී කඩුලු රකින ආර­ම්භක පිති­කරු කුසල් මෙන්ඩිස් වෙන්දේ­සි­යට පෙර නොකාලි එක්ස්ප්‍රස් සමඟ ඍජුව ගිවි­සු­ම්ගත වී තිබූ අතර, වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු රාජ්ෂාහි වොරි­යර්ස් පිල සමඟ ඍජුව ගිවි­සු­ම්ගත වී තිබේ.

මේ වෙන්දේ­සිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩ­ක­යෝ 53 දෙන­කුට ආසන්න පිරි­සක් එක්ව සිටියහ.

මේ වෙන්දේ­සි­යේදී මිල අධික දේශීය ක්‍රීඩ­කයා වූ මොහො­මඩ් නයිම් වෙන්වෙන් චිතගොං රෝයල්ස් පිල බංග්ලා­දේශ මුද­ලින් කෝටි 1.1ක් හෙවත් අමෙ­රි­කානු ඩොලර් 90,300කට මිලදී ගත්තේය.

BPL තර­ගා­ව­ලිය මේ මස 23 වැනිදා සිට ජන­වාරි 26 වැනිදා දක්වා පැවැ­ත්වෙන අතර, කණ්ඩා­යම් 6ක් එක් වන තර­ගා­ව­ලිය තරග 34කින් සම­න්වි­තය.