
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඔස්ට්‍රේලියාවේදී ලිංගික අතවර කළ බවට එල්ල වූ නඩුවේ තීන්දුව අද (සැප් 28) ලබාදීමට නියමිතය.
අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට සිඩ්නි හි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ විනිසුරුවරයකු හමුවේ නඩු විභාගයකට මුහුණදීමට සිදු වන්නේ, අවසරයකින් තොරව ලිංගික අතවර කිරීමේ එක් චෝදනාවකට නිවැරැදිකරු බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය.
මෙම චෝදනාව, පසුගිය වසරේ නොවැම්බර් 02වැනි දින සිඩ්නි හි නැගෙනහිර ප්‍රදේශයේදී කාන්තාවක් සමඟ ලිංගිකව හැසිරෙමින් සිටියදී, උපත් පාලන කොපුවක් ඉවත් කළ බවට චෝදනා එල්ල වූ සිද්ධියකට සම්බන්ධ වේ.
විස්සයි20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවාතැන් ගෙන සිටි හයට් රීජන්සියේදී නොවැම්බර් 06 වැනිදා අලුයම ගුණතිලක අත්අඩංගුවට ගනු ලැබීය.
පසුව ඔහුව ඩේ ස්ට්‍රීට් පොලිස් ස්ථානයට ගෙන යන ලද අතර, එහිදී ඔහු පැය දෙකකට වැඩි කාලයක් ප්‍රශ්නවලට පිළිතුරු දුන් පසුව නඩු විභාගයේ කාලසීමාව සඳහා ඕස්ට්‍රේලියාවේ රඳවා තබාගන්නා ලදී.
මුලින් ඔහුට එරෙහිව ස්ත්‍රී දූෂණ ඇතුළු චෝදනා කිහිපයක් ගොනුකර තිබුණද, අනෙක් සියලුම චෝදනා ඉවත්කර එක් චෝදනාවක් යටතේ පමණක් නීතිය ක්‍රියාත්මක වෙමින් පවතී.
ධනුෂ්කට එල්ල වී ඇති එකම චෝදනාව සම්බන්ධයෙන් විනිසුරු සාරා හගෙට් සිය තීන්දුව අදප්රකාශ කරනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart