
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආමීර් ඛාන් රඟපෑ ‘දංගල්’ මල්ලවපොර චිත්‍රපටයේ තරුණ බබිතා ෆොගට් ලෙස රඟපෑ රංගන ශිල්පිනී සුහානි භාත්නගර් (19) මියගොස් ඇත.
ඇය සමේ කැසීමේ සහ මාංශ පේශි දුර්වලතා ඇති කරන දුර්ලභ රෝගයක්වන ඩර්මැටෝමියෝසයිටිස් රෝගයෙන් පෙළුණු බව ඇයගේ පවුලේ ඥාතීහු පවසති.
මියයෑමට දින දහයකට පෙර ඇයට මෙම රෝගී තත්ත්වයක් වැළඳී ඇති බව හඳුනාගෙන ඇති නමුත්, විවිධ රෝහල්වල වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කළද එයට ප්‍රතිකාර කිරීමට නොහැකි වූ බව සුහානිගේ මව පුජා භාත්නගර් පවසයි.
පෙබරවාරි 07 වැනිදා රෝහලට ඇතුළත් කර ඇති අතර, 16 වැනිදා ඇය මියගොස් තිබේ.
ලොව පුරා මෙම රෝගය හඳුනාගෙන ඇති පුද්ගලයන් පස්දෙනකු හෝ හයදෙනකු පමණක් සිටින බව ඇයගේ පියා පවසයි.
ඩර්මැටෝමියෝසයිටිස් යනු මාංශ පේශි දුර්වලතාවය සහ විශේෂිත සමේ කැසීම මගින් හඳුනාගත හැකි දුර්ලභ රෝගයකි.
එය පෙනහළු,හෘද වාහිනී සහ ආමාශ ආන්ත්‍රයික පද්ධති වැනි අනෙකුත් ඉන්ද්‍රිය පද්ධතිවලටද බලපෑම් කළ හැකිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart