October 11, 2024

සමගි ජන බලවේගය යටතේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් 2024 මහ මැතිවරණය තරග කිරීමට බලාපොරොත්තු වූ ජනප්‍රිය නිළි දමිතා අබේරත්න සමගි ජන බලවේගය විසින් රත්නපුර දිස්ත්‍රික්කයට ඉදිරිපත් කළ අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත්කර තිබේ.

දමිතා අබේරත්නගේ අපේක්ෂකත්වය මේ සතියේ තහවුරුකර තිබූ අතර පසුගිය දිනෙක ඇය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීම ද සිදුකර තිබිණි.

කෙසේවෙතත්, සමගි ජන බලවේගය විසින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරන ලද අපේක්ෂක ලැයිස්තුවේ ඇගේ නම නොමැත.

තම නම ඉවත් කිරීම පිළිබව දමිතා දැනගත්තේ අද රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි පසුවය.

දමිතා අබේරත්නගේ නම ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් නායක හේෂා විතානගේ කියා සිටියේ ඇයගේ නම ඇතුළත් නොකිරීමට රත්නපුර දිස්ත්‍රික් සාමාජිකයන් තීරණය කර ඇති බවයි.

“දමිතා අබේරත්න සමගි ජන බලවේගය සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇතත්, මැතිවරණයට අපේ දිස්ත්‍රික්කයෙන් පිටත අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට අපට අවශ්‍ය නැති බව අපි තීරණය කළා,” යනුවෙන් ඔහු තීරණය පැහැදිලි කරමින් පැවසීය.

42.31%
17.27%
32.76%