
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඡන්ද ලබා ගැනීම වෙනුවෙන් දේශපාලනඥයන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් විවිධ ක්‍රම භාවිත කරමින් තම ඡන්දය තහවුරු කර ගැනීමට ඕනෑම දුරකට යන බව පෙනෙන්නට තිබේ.
ඇතැම් දේශපාලන පක්ෂ දුර බැහැර ප්‍රදේශවල බිත්තිවල පෝස්ටර් අලවනවාට වඩා ප්‍රසිද්ධ ස්ථානවල සිතුවම් භාවිත කරන ආකාරය ද දැකිය හැකිය.
උතුරේ ඇතැම් අපේක්ෂකයෝ එල්.ටී.ටී.ඊ.යේ අත්හැර දමා තිබූ සුසාන භූමි එළි පෙහෙළි කිරීම, ඡන්දය තහවුරු කර ගැනීම සඳහා කෑම වේලක් ගැනීමට බිම වාඩි වීම වැනි විවිධ ආකාරයේ වැඩ කරමින් සිටිති.
එවන් එක් අවස්ථාවකදී එක් දේශපාලන පක්ෂයක් විසින් පාපැදි මංතීරුවල සලකුණු කර තිබූ පාපැදි සලකුණු මකා දමා ඇත්තේ තවත් දේශපාලන පක්ෂයක් එම ලකුණින් තරග කිරීම නිසා ඔවුන්ට වාසිවන බව පවසමිනි.
ඔවුන් පාපැදි ලකුණ මකාදැමුවා පමණක් නොව ඒ අසලින් තම පක්ෂ සලකුණු හා මනාප අංක ඇඳීමට ද ඔවුන් කටයුතු කර තිබේ.
දේශපාලන වාසි තකා මාර්ග සංඥාවලට හානි කිරීමට අපේක්ෂකයන් කටයුතු කිරීම කණගාටුවට කරුණක් බව ජනතාවගේ අදහස වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart