
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගයට අනුබද්ධ සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සමාජිකත්වය ලබාගත් එකම පවුලේ තිදෙනකුට ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවකු පහරදුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව නොර්වුඩ් පොලිසිය පවසයි.
නොර්වුඩ් පොලිස් වසමට අයත් නිව්ටන් වතුයායේ පදිංචි ලංකා කම්කරු කොන්ග්‍රසයේ හිටපු ආධාරකරුවෙකු ඔහුගේ බිරිද සහ දෙළොස් හැවිරිදි පිරිමි දරුවාට සැකකරු විසින් පසුගිය 22 වැනි දින පස්වරුවේ පහර දි තුවාල සිදු කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
පහරකෑමෙන් තුවාල ලැබු තිදෙනා දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති.
2025 වසර වෙනුවෙන් වතු වෘත්තිය සමිතිවලට සමාජිකයන් බඳවාගැනිමේදී ලංකා කම්කරු කොංග්‍රසයේ මෙතෙක් සමාජිකත්වය දැරු විශාල පිරිසක් සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සමාජිකත්වය ලබාගෙන ඇති බවත්, පහරදීමෙන් තුවාල ලැබු පිරිමි පුද්ගලයා සහා කාන්තාවද එලෙස සමාජිකත්වය ලබාගැනිම නිසා සැකකරු උරණ වි මෙම පහර දිම සිදුකර ඇති බව ජාතික ජන බලවේගයේ සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ උපලේකම් සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි පවසා ඇත.
එම වතුයායේ වතු වෘත්තිය සමිති සමාජිකයන් 40 දෙනකුගෙන් 27 දෙනකු තම වෘත්තිය සමිති සමාජිකත්වය ලබාගෙන ඇති බවත්, සමස්ත වතුකරයේම වතු වෘත්තිය සමිතිවල මෙතෙක් සමාජිකත්වය දැරු 75% ක පමණ වතු කම්කරුවන් පිරිසක් තම වෘත්තිය සමිතියේ සමාජිකත්වය දැරිම නිසා අනෙකුත් වෘත්තිය සමිති වල සමාජිකතයන්ගෙන් තම වෘත්තිය සමිතියට එක් වූ සමාජිකතයන්ට විවිධ අයුරින් බලපැම් සහ තර්ජන සිදුකරන බවත් ක්‍රිෂ්ණන කලෙයිචෙල්වි සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart