
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කන්ටේනර් 323ක් මුදාහැරීමේ ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ශ්‍රී ලංකා රේගුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය සහාය සහ සාක්ෂි ලබා දී ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පවසයි.
රේගුව විසින් මෙම භාණ්ඩ තොග සම්බන්ධයෙන් පශ්චාත් නිෂ්කාශන විගණනයක් මේ වන විටත් ආරම්භ කර ඇති බවද ඔහු පවසා තිබේ.
The Morning පුවත්පත වෙත අදහස් දක්වමින් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, සෑම රේගු ප්‍රකාශයකම සියලුම නිෂ්කාශන ක්‍රියාවලීන් පශ්චාත් විගණනයට යටත් වන බවට කොන්දේසියක් ඇතුළත් බව සහ පශ්චාත් විගණනය යනු වෙළඳ පහසුකම් සලසන සම්මත මෙවලමක් බවයි.
සෑම බහාලුමක්ම භෞතිකව පරීක්ෂා කිරීම ප්‍රායෝගික නොවන බැවින්, ගෝලීය ප්‍රවණතාවය පූර්ව නිෂ්කාශන පරීක්ෂණ සිට පශ්චාත් නිෂ්කාශන විගණනය දක්වා මාරු වී ඇති බව ද ඔහු පැහැදිළි කර ඇත.
සෑම තොගයක්ම, එය නිෂ්කාශනය කිරීමට පෙර පරීක්ෂා කරනු ලැබුවේද නැද්ද යන්න නොසලකා, පශ්චාත් විගණනයට යටත් වන බව ද ඔහු පෙන්වාදෙයි.
රේගුව මෙම විගණන අවශ්‍ය පරිදි සිදුකරන අතර, ඒ සඳහා කැපවූ පශ්චාත් නිශ්කාෂණ විගණන අධ්‍යක්ෂක මණ්ඩලයක් සිටින බවත් සීවලී අරුක්ගොඩ පෙන්වාදෙයි.
ප්‍රශ්නගත බහාලුම් මුදාහැරීම සම්බන්ධයෙන් සොයාබැලූ කමිටුවේ අවසන් වාර්තාව ලැබී ඇත්දැයි කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ එය තවමත් ලැබී නොමැති බවයි.
එම තවමත් වාර්තාව ලැබී නොමැති බවත්, එබැවින් එහි නිර්දේශ පිළිබඳව අදහස් දැක්වීමට නොහැකි බවත් ඔහු පවසා තිබේ.
2024 ජූලි සහ 2025 ජනවාරි අතර සිදු වූ බහාලුම් මුදාහැරීමේ ක්‍රියාවලියට, නිසි ක්‍රියා පටිපාටි නොසලකාහරින ලද බවට ප්‍රකාශ කිරීම සහ සමහර බහාලුම්වල මත්ද්‍රව්‍ය හෝ ආයුධ වැනි භයානක ද්‍රව්‍ය ඇතුළත් විය හැකි බවට ප්‍රකාශ කිරීම ඇතුළු බරපතල චෝදනා එල්ල වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart