
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුපියල් මිලියන 58කට වැඩි වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් නීතිවිරෝධී ලෙස බැහැරට ගෙනයෑමට උත්සාහ කළ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ පෞද්ගලික පිරිසිදු කිරීමේ ආයතනයකට අනුයුක්තව සේවය කරන සේවිකාවක අද උදෑසන රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ස්ථානගත කර ඇති රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන්, සැකපිට මෙම පෞද්ගලික පිරිසිදු කිරීමේ ආයතනයක සේවිකාවකගේ අත්බෑගය පරික්ෂා කර ඇති අතර, එහිදී එහි සඟවා තිබූ රත්‍රං සොයා ගැනීමට හැකිවී ඇත.
රේගු මාධ්‍ය ප්‍රකාශක සහ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂක සීවලී අරුක්ගොඩ පවසා ඇත්තේ, සැකකාරිය සිය රාජකාරි මුරය අවසන් කර ගුවන් තොටුපළෙන් පිටව යෑමට සූදානම්ව සිටියදී අත්අඩංගුවට ගත් බවයි.
සැකකාරියගේ අත්බෑගයේ තිබී ග්‍රෑම් 2700ක් පමණ බරැති රන් ආභරණ සහ රන් ජෙල් තොගයක් සොයාගෙන ඇත.
53 හැවිරිදි සැකකාරිය වැඩිදුර පරීක්ෂණ සඳහා රඳවාගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart