
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උප පොලිස් පරීක්ෂකවරයකුට බස් රථයකදී පහර දුන් හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයකුගේ රියදුරකු බොරලැස්ගමුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට අනුයුක්තව රාජකාරි කරනු ලබන උප පොලිස් පරීක්ෂකවරයකු බව වාර්තා වේ.
නෑබඩ සිට කොළඹ දක්වා ගමන්ගන්නා බස් රථයක පැමිණෙමින් සිටි මෙම උප පොලිස් පරික්ෂකවරයා ගමන් බෑගයක් සම්බන්ධව පුද්ගලයෙකු සමග ඇතිවූ වචන හුවමාරුවක් දුරදිග යෑමෙන් මෙලෙස පහර කෑමටව ඇති බව පොලිසිය අනාවරණය කරයි.
මේ සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart