
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
BYD සමාගම විසින් නිෂ්පාදනය කරන ලද Shark 6 PHEV රථ 32,009ක් නැවත කැඳවීමට එම සමාගම පියවර ගෙන තිබේ.
රථයේ ඇති දෝෂයක් හේතුවෙන් එහි අමතර රෝදය රථයෙන් ගැලවී යාමේ අවදානමක් පැවතීම මෙම තීරණයට හේතු වී ඇත.
මෙම දෝෂය ‘ෂාක් 6’ මාදිලියේ Premium, Performance සහ Dynamic Cab Chassis යන මාදිලි ත්‍රිත්වයටම බලපායි.
සිදුව ඇති දෝෂය පිළිබඳ පැහැදිලි කරමින් BYD සමාගම සඳහන් කරන්නේ, ඇතැම් අවස්ථාවලදී අමතර රෝදය නිසි ලෙස සවිකර නොතිබීම, රෝද තැටිය වැරදි ලෙස පිහිටා තිබීම හෝ එය රඳවා තබන බෝල්ට් නිසි ලෙස තද කර නොතිබීම හේතුවෙන් රෝදය රඳවා තබන කේබලයට හානි සිදු විය හැකි බවයි.
වාහනය ධාවනය වන විට සිදුවන චලනය හා ඝර්ෂණය නිසා එම කේබලය කැඩී ගොස් අමතර රෝදය රථයෙන් ගැලවී යාමට ඉඩ ඇති බවත්, එමගින් වෙනත් මාර්ග පරිශීලකයින්ට දැඩි අනතුරක් හෝ මරණීය තුවාල පවා සිදුවීමේ අවදානමක් පවතින බවත් සමාගම පවසයි.
මෙම ආපසු කැඳවීම 2024 අගෝස්තු සිට 2025 ජූනි දක්වා කාලය තුළ නිෂ්පාදනය කරන ලද වාහන සඳහා බලපාන අතර, ඊට ෂාක් 6 Premium මාදිලියේ රථ 28,543ක්, Performance මාදිලියේ රථ 2,100ක් සහ Dynamic Cab Chassis මාදිලියේ රථ 1,366ක් අයත් වේ. අදාළ අලුත්වැඩියාවන් සිදු කරන තෙක් රථයේ ඇති අමතර රෝදය ගලවා තබන ලෙස BYD සමාගම රථ හිමියන්ට උපදෙස් දෙයි.
තමන්ගේ වාහනය මෙම දෝෂ සහිත කාණ්ඩයට අයත් ද නැද්ද යන්න පරීක්ෂා කර ගැනීම සඳහා රථ හිමියන්ට BYD සමාගමේ නිල වෙබ් අඩවියේ ඇති වාහන ආපසු කැඳවීමේ තොරතුරු පිටුව වෙත පිවිස තමන්ගේ වාහන හඳුනාගැනීමේ අංකය (VIN) ඇතුළත් කළ හැක. අදාළ වාහනය මෙම දෝෂ සහිත කාණ්ඩයට අයත් නම්, එහි අමතර රෝද පද්ධතිය (Assembly) නොමිලේ වෙනස් කර දීමට BYD සමාගම කටයුතු කරනු ඇත.
2024 ඔක්තෝබර් මාසයේදී ඕස්ට්‍රේලියානු වෙළඳපොළට හඳුන්වා දුන් BYD ෂාක් 6 රථය කෙටි කලකින් ඉහළ ජනප්‍රියතාවක් ලබා ගත් අතර, 2025 වසරේ මුල් මාස තුන තුළ පමණක් එම රථ 5,000කට ආසන්න ප්‍රමාණයක් අලෙවි විය. කෙසේ වෙතත්, ප්ලග්-ඉන් හයිබ්‍රිඩ් වාහන සඳහා ලබා දී තිබූ අතිරේක ප්රතිලාභ බදු නිදහස් කිරීම අවසන් වීමත් සමඟ පසුව එහි අලෙවිය යම් මන්දගාමීත්වයක් පෙන්නුම් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart