
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද දහවල් 12 දක්වා රටපුරා ඇඳිරිනීතිය පනවා තිබුණ ද ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් තරගය අද දිනයේ පැවැත්වීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.
අද දිනයේ ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරගය නියමිත පරිදි පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ ද තහවුරු කර තිබිණි.
ඊයේ (21) රාත්‍රී 10.00 සිට අද (22) පෙරවරු 06.00 දක්වා පනවා තිබු ඇඳිරි නීතිය පසුව අද දහවල් 12 දක්වාදීර්ඝ කෙරිණි.
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම මේ වන විට තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටී.
ඡන්දය ප්‍රකාශ කිරීමට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ඊයේ සවස් වන විට නැවත ගාල්ලට පැමිණ තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart