
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශීය ක්‍රිකට් ක්‍රීඩාව වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්, දේශීය ක්‍රීඩා සමාජවලට ‘ස්කින්ෆෝල්ඩ් කැලිපර්'(skinfold calipers) සහ ‘ස්මාර්ට් ඩිස්ප්ලේ'(smart displays) සහිත පොකට් රේඩාර් ඇතුළු අති නවීන උපකරණ ලබා දී ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශයකට අනුව, ක්‍රීඩා සමාජ 17 ක් සහ විශිෂ්ටතා මධ්‍යස්ථාන හතරට ස්කින්ෆෝල්ඩ් කැලිපර් ලැබුණු අතර, එමඟින් පුහුණුකරුවන්ට නිශ්චිත ශරීර ස්ථානවල ‘චර්මාභ්‍යන්තර මේද ඝණකම’ මැනීමෙන් ක්‍රීඩකයන්ගේ ශරීර මේද ප්‍රතිශතය තක්සේරු කිරීමට හැකි වේ.
මෙම මෙවලම යෝග්‍යතා ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට සහ ශරීර සංයුතිය තක්සේරු කිරීමට උපකාරී වන අතර, තරඟකාරී ක්‍රිකට් සඳහා ක්‍රීඩකයන්ගේ උපරිම ශාරීරික තත්ත්වය පවත්වා ගැනීම සහතික කරයි.
මීට අමතරව, ක්‍රීඩා සමාජවලට නිවැරදි පන්දු වේග මිනුම් සහ අනෙකුත් කාර්ය සාධන මිනුම් ලබාදෙන පොකට් රේඩාර් උපාංග ලබා දී ඇත.
මෙම මෙවලම් පුහුණුව සහ තරඟකාරී විශ්ලේෂණය යන දෙකටම අත්‍යවශ්‍ය වන අතර, තත්‍ය කාලීන කාර්යසාධන නිරීක්ෂණයට උපකාරී වෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart