March 8, 2025

2024 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ ක්‍රෙඩිට් කාඩ් භාවිතය වැඩිවීමක් වාර්තා කර තිබේ.

එම වසරේ නොවැම්බර් මාසයේදී 1,951,654ක් වූ සක්‍රීය කාඩ්පත් සංඛ්‍යාව දෙසැම්බර් මාසයේදී 1,970,130 දක්වා ඉහළගොස් ඇත.

මහ බැංකුවේ නවතම දත්තවලට අනුව, 2023 දෙසැම්බර් මාසයේදී පැවති සක්‍රීය කාඩ්පත් 1,917,085ට සාපේක්ෂව මෙය අඛණ්ඩ වර්ධනයක් සනිටුහන් කරයි.

ක්‍රෙඩිට් කාඩ්පත්වල හිඟ ශේෂය ද නොවැම්බර් මාසයේදී රුපියල් මිලියන 151,614 සිට 2024 දෙසැම්බර් මාසයේදී රුපියල් මිලියන 157,957 දක්වා ඉහළ ගොස් තිබේ.