
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොවිඩ් වෛරසයට එරෙහිව යාවත්කාලීන කළ එන්නත්වල අතිරික්තයක් පවතින හෙයින් AstraZeneca සිය කොවිඩ් -19 එන්නත තවදුරටත් නිෂ්පාදනය අත්හිටුවා ඇත.
ඒ, ඉකුත් මාර්තු මාසයේදී එම ඖෂධ සමාගම විසින් සාමාජික රටවල ඖෂධයක් අලෙවි කිරීමට අනුමැතිය ලබාදෙන යුරෝපා සංගමයේ අලෙවිකරණ අවසරය ස්වේච්ඡාවෙන් ඉවත්කර ගැනීමෙන් පසුවයි.
මැයි 7 වන දින යුරෝපීය ඖෂධ ඒජන්සිය AstraZeneca එන්නත තවදුරටත් භාවිතයට අවසර නැති බවට නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.
ඒ අනුව ප්‍රකාශයක් නිකුත් කරමින් AstraZeneca පැවසුවේ කොවිඩ් -19 ප්‍රභේද ඉලක්ක කර ගැනීමට අනුවර්තනය වී ඇති නව එන්නත් වර්ග රාශියක් දැන් පවතින බැවින් සිය එන්නත නිෂ්පාදනය අත්හිටුවීමට තීරණය කළ බවයි.
වෙළඳපොළේ AstraZeneca එන්නත සඳහා ඇති ඉල්ලුම පහත වැටීම ඒ සඳහා ප්‍රධාන හේතුව වී ඇතැයි පැවසේ.
ඒ අනුව එම එන්නත තවදුරටත් නිෂ්පාදනය හෝ සැපයීම සිදුනොවනු ඇත.
“ස්වාධීන ඇස්තමේන්තුවලට අනුව, භාවිතයේ පළමු වසර තුළ පමණක් ජීවිත මිලියන 6.5 කට වඩා වැඩි ප්‍රමාණයක් බේරාගෙන ඇති අතර ගෝලීය වශයෙන් මාත්‍රා බිලියන 3කට වඩා සපයන ලදී” යනුවෙන් සමාගම ප්‍රකාශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart