
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හෙරොයින් ග්‍රෑම් 40 කට ආසන්න ප්‍රමාණයක් සමගින් අත්අඩංගුවට ගත් කොළඹ කෙසෙල්වත්තේ කාන්තාවක් විත්තියේ සාක්ෂි නොවිමසාම නිදහස් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදි පරස්පපර සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් පොලිසියට දැඩි ලෙස අවවාද කළේය.
අදාළ කාන්තාව මීට වසර හතරකට පෙර දිනයක හොරොයින් ප්‍රවාහනය කරමින් සිටීය දී අත්අඩංගුවට ගත් බව වැටලීමට සම්බන්ධ වූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකණය හමුවේ සාක්ෂි දෙමින් පවසා තිබිණ.
එහෙත් වැටලීමට සම්බන්ධ වූ කාන්තා පොලිස් කොස්තාපල්වරියක සාක්ෂි දෙමින් පවසා තිබුණේ, අදාළ දිනයේ දී වැටලීමක් සිදුකරන විට මෙම කාන්තාව පරීක්ෂා කිරීමේ දී ඇයගේ ඇදුමේ සාක්කුවක තිබී මෙම මත්ද්‍රව්‍ය සොයාගත් බවයි.
මෙළෙස පරස්සපර සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් අදළ කාන්තා පොලිස් කොස්තාපල්වරියට දැඩි ලෙස අවවාද කළ මහාධිකරණ විනිසුරුවරයා රාජකාරී කිරීමේ දී සත්‍යය වෙනුවෙන් පෙනී සිටීමේ වැදගත්කම අවධාරණය කළේය.
එහිදී චෝදනා ලැබ සිටි කාන්තාව නිදහස් කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා තීන්දුවේ පිටපත් පොලිස්පතිවරයාට මෙන්ම පොලිස් කොමිසම වෙතද යොමු කිරීමට නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart